
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනිත් මදුශංක ද සිල්වා නොහොත් පොඩි ලැසී ඉන්දියානු පොලිස් කණ්ඩායමක් විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
පොඩි ලැසී නැමැත්තා බලපිිටිය අධිකරණය මගින් ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අධිකරණය මග හරිමින් විදෙස් ගත වී ඇති බවට ලද තොරතුරු මත වැඩබලන පොලිස්පතිගේ සෘජු මැදිහත්වීම මත සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඉන්දියාවට පලාගොස් ඇති බවට අනාවරණය විය.
ඒ අනුව ඉන්දියානු පොලිසිය සමග සිදුකළ සාකච්ඡා සහ දුරකතන ඇමැතුම් මාර්ගයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කිරීමේ ප්‍රතිළුලයක් ලෙස පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
රට අය අල්ලනවා. මෙරට අය ඇප දෙනවා. මරු ආතල් තමයි...
දැන් මෙයට ඇප දෙනකොට එකට වගකිවයුතු කවුරු හරි ඉන්න ඇතිනේ, ඒ අයව අත්අඩංගුවට ගන්න ඇප කොන්දේසි කඩ කළාට...
බැරිද ඔයවිදිහටම දුරකථන සාකච්ඡාවක් දාලා අර්ජුන් මහේන්ද්‍රන්වත් ගෙන්න ගන්න? දුරකථන අංකය පළපුරුදු සීයා ගාව තියෙනවා. දෙන්නා තාමත් නිවාඩු-පාඩුවේ, හිනාවෙවී වෙඩිමේ විස්තර ගැන කථා-බහ කරනවා...
ලංකාවට ගෙනැල්ලා නඩු දාලා නිදහස් කරමු.
ඉන්දියාවේ නඩුකාරයාට රතිඤ්ඤයක් දාලා ගින්දර තියලා..
අපේ ගම් වලත් ඉන්නවා.උන් මිනී මරණවා.ආයුධ සමග අහු වෙනවා..ආයේ ගමට ඇවිත් ගම් වල කුකුල්ලු තැබිලි,පොල් හොරෙන් කඩනවා..උන්ට අත තියන්න බෑ.මොකද උන් මිනී මරන්න බය නෑ. උන් 6/7 පාරකට වැඩිය විවිධ අපරාධ වලට අහු වෙලා එලියට එනවා උන්ට බන්ධනාගාරයේ රජ සැප. ඒ නිසා අයේ යන්නත් බය නෑ.
බස් ත්‍රීවිලර් වල මල් පොකුරු ගලවන්න යමු.