
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කටුනායක ගුවන්තොටුපළට පැමිණි ආණ්ඩුවේ තනකුරක් දරන දේශපාලකයකු ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරින් කිහිප දෙනකුට බැන තර්ජනය කර ලොකු කලබලයක් කර පිටව ගොස් ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
මෙම දේශපාලකයාගේ බිරිඳ ඇතුළු කිහිප දෙනකු විදෙස් සංචාරයකට යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පෙරේදා අලුයම් කාලයේ පැමිණ ඇතැයි කියයි.
රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට ඇරලවීම සඳහා සිය ආරක්ෂකයන් ද පිරිවරාගෙන පැමිණ ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළු වීමට ගොස් ඇතැයි ගුවන් තොටුපළේ උසස් නිලධාරීහු කිහිප දෙනෙක් පැවැසූහ.
ආරක්ෂකයන් ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා ඒවා රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් එම දේශපාලකයාට දැනුම් දී ඇතැයි කියති.
ඒම අවස්ථාවේ ඔහු ගුවන් තොටුපොළ ආරක්ෂකයන්ටද බැණ වැදී ඇතැයි කියන මෙම දේපාලකයා ඔහුගේ ගමන වැළැක්වූ බව කියන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ ඡායාරූප ද සිය ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබෙන බව එම උසස් නිලධාරීහු කීහ.
ඔහු සමග පැමිණි අයගේ ගමන් මලු ගුවන් තොටුපොළට රැගෙන යෑම වෙනුවෙන් පෝටර්වරයාවරයාට අඩුවෙන් මුදල් ලබාදීම නිසා ඔහු නියමිත ගාස්තුව දේශපාලකයාගෙන් ඉල්ලා ඇතැයි ගුවන් තොටුපොළෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
එයින් කුපිත වූ බව කියන දේශපාලකයා එම පෝටර්වරයාගේ කකුල සපත්තුවෙන් පාගා ඔහුගේ කණට වැරෙන් පහරක් ගසා ආරක්ෂකයන් සමග පිටව ගොස් ඇතැයි ද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවැසීය.
පහර කෑමට ලක්වූ බව කියන පෝටර්වරයා දේශපාලනඥයාට ඇති බිය නිසා සහ අනවශ්‍ය කරදර ඇති වේ යැයි සිතා මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නොමැති බව පැවැසේ.
දේශපාලකයාගේ මෙම ක්‍රියාව ගුවන් තොටුපොළ පුරා පැතිර යෑමට වැඩි වේලාවක් ගත නොවූ අතර මෙම සිද්ධිය මේ වනවිට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇතැයි කියති.
COMMENTS
ස්වයං වාරණය කළ මාධ්‍ය නිදහස
වෙච්ච සිද්දිය යි, වුණු වෙලාවයි,හිටිය අයයි ඔක්කොම දන්නවා හැබැයි මේක කල එකාගේ නම අපි හිතාගන්න ඕන.මේ කියන උන් විතර ද මාද්‍ය සදාචාරය අනුව හෙළි කරන්න සුදුසු නැත්තේ.අර වීසා ප්‍රශ්නයක් නිසා කැගැවුවා තරුනයාව මරාගෙන කන්න හැදුවා.නම ගම මූන එක්ක විස්තර දාලා.දැන් මේක කරපු එකා.ප්‍රෙහේලීකාවක්.ලංකාවේ මාධ්‍ය තමා මාධ්‍ය .
මේ තියෙන ක්‍රමයම රටට-ජනතාවට මහා විපතක්. මොවුන් නැවත නැවතත් දියවන්නාවට එන්නෙ සහ ඇවිත් ගොං පාට් දන්නෙ , මොවුන්ට රෙදි නැතිව රටේ කඩේ යන බත් බැලයන්-බත් කන ගවයන් නිසා. රට හරිමගට ගන්න මේ පවතින ක්‍රමය සහ මොවුන් සියල්ලම වෙනස් විය යුතුමයි.
ඔබ ඇමතිවරයාගේ නම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?
පර ආණ්ඩුවටයි , බලු පොහොට්ටුවටයි මේවගේ සිද්දවිය යුතුය.
රට මේ තත්වයෙන් බේරා ගැනීමටනම් , රට හදන තැනට උගත් බුද්දිමත් යහපත් පුරවැසියන් යැවීමට කතිරය ගැසිය යුතුයි . මෙයට විසදුම ජීවිතේ පුරාවට පාරට වෙලා කෑගසන , කිසිම කර්තව්‍යකට පළපුරුද්දක් නැති , ජීවිතේ පුරාවට මහන්සියෙන් හම්බ කරපු පිරිස් වලට ඉර්ශියා කරන කම්මැලි පිරිසක් නොවේ . එවැනි අයට අනුන් විවේචනය කරන්න පුදුම සුදුසු කමක් තිබේ . නමුත් ඔවුන් හිස් සහ පුස් අනුන්ගෙන් යැපෙන පිරිස්ය .
මහජන බදු මුදලින් වැජබෙන හිගන බල්ලන්ට මෙහෙම කරන්න පුලුවන්නන් උන්ට බදු මාර්ගයෙන් සිගමන් දාන පොදු ජනතාව මොවුන්ට විරුද්දව නැගී සිටිය යුතුය . මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
මෙන්න මේ වගේ සක්කිලි නිසා ආණ්ඩුවේ ඉන්න සමහර හොඳ මිනිස්සුත් අපහසුතාවයට පත්වෙනවා . ඔන්න ජනධිපති තුමනි කරනවානම් වැඩක් . මෙන්න මේ ගොන් වස්සාගේ ඇමතිකම ගලවන්න .
ඔබ ඇමතිවරයාගේ නම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි? ස්වයං වාරණය කළ මාධ්‍ය නිදහස.
මහින්ද මාතියා දැන් නාමල් හෝ වෙනත් පොහොට්ටුවෙ එකෙක් ජනාධිපති තනතුර සදහා තරගෙට යවන්න අර අදිනවා කියලා පේනවා. ගුවන්තොටේ ඩෙගා නටල තියෙන්නෙ පොහොට්ටු කුක්කෙක් කියලා පැහැදිලියි. ඉතින් එහෙම එවුන් සිටින පක්ෂයක එකෙකුට නැවතත් රටේ බලයක් දෙන්න ජනතාව කැමතිද කියලා බලන්න ඕන
ළඟදීම මේ නොසන්ඩාලයා ගේ නම ගම දැනගන්න ලැබෙයි.මැතිවරණයකදී හොඳට සලකමු
ඡන්ද කඩන මැෂින්.
මෙයා ලොක්කෙක්ද නැත්නම් කුක්කෙක්ද? රනිල් මේවට මොකුත් නොකර බව ෂුවර්.
මෙවන් අපත ගණයට වැටෙන කෙනෙක් ආණ්ඩුවේ ලොකු තනතුරක් දරන්නේ කෙසේද….? නොබෝ දිනකින් අළුත් ආණ්ඩුවක් පත්වූ විට වත් මේ ගැන පොලිසියට වාර්තා කරන්න.
ඔබගේ වටිනා ඡන්දය සුදුස්සන්ට දෙන්න.. නුසුදුසු පුද්ගලයන් බලය දෙන්න එපා.. මේ වැරැද්ද කලේ අපි. අපිම මේ වැරැද්ද හදා ගන්න ඕනැ.. නීතිය සහ සාමය සැමට පොදු වෙන්න ඕනැ...
මෙම නීච ඇමැතිව ආරක්ෂා කරන්න එපා..
වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති කුපාඩිකම් ආපු කතිරයකින් පාර්ලිමේන්තුවට ගියපු ඇමැතියෙක්
ඇයි මේ වන තුරු කිසිදු ගුවන්තොටුපල බලධාරියකු විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍යයට දැනුවත් නොකලේ... මෙම අවිධිමත් ක්‍රියාව ගැන..
ඒකාට ඇයි මර්වින් ට දුන්නු සප්පායම් නොදුන්නේ ?
නම් නොකළ ඇමැතිවරයාගේ හැසීරරීම් ස්වභාවය අනුව ඔහුගේ පක්ෂයේ ලාංඡනය නම් කොට වටිනා ත්‍යාගයක් දිනාගන්න. සෞභාග්‍යයවත් ලංකාවක් සඳහා ඉදිරියේදී එම පක්ෂය වටා පෙල ගැසෙන්න,
කරුණාකර ඔහු වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න...
මුව සමාජයට නිරාවරණය කරන්න ඕනෑ.
සත්‍යා, ඔව් නිකං කන, උන් බිහිකලේ ඔබ වැනි අය මෙතෙක් පත්කල අය නොවේද? ඔබ යටින් ප්‍රහාර එල්ල කරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් රැක දෙන අයටමය. ඔවුන් නොවේ නම් මේ හැටියට වත් සිටිය නොහැකි වනවා ඇත. පසුපසදා ගුවන්තොටේ කතාකල තරුණයා වැනි අයට කරන උපහාසයකි මේ.
කොන්ඳ පන නැති නිවටයෝ.. රූපවාහිනි සංස්ථාවෙ සේවකයන්ට මාගේ ප්‍රණාමය
මෙච්චර හරියක් වෙනකම් ගුවන් තොටුපොළේ ආරක්ෂක අංශ මොකද කලේ..? සාමාන්‍ය ජනතාව ඉදිරියේ වීරයින් මෙන් හැසිරී, ලොක්කන් ඉදිරියේ නිවටයින් මෙන් කොන්ද නවන ආරක්ෂක මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද ලංකාවේ අඩුවක් නැහැ...මාධ්‍ය කාරයින් වුණත් නැට්ට බඩ යට ගහගෙන තමයි වැඩ... පොඩි මිනිහෙක් අතින් වැරද්දක් වුණා නම්, ඔවුන්ගේ ජාතකේ ඉඳලම පත්තරේ පල වෙනවා... බලාගෙන ගියාම ලංකාවේ බහුතරයක් කුක්කෝ තමයි...
රනිල් රාජපක්ෂගේ වික්‍රමය ඕක තමයි, යන එන මං නැතිව හිටිය දේශපාලන තක්කඩියන්ට නැවත වතාවක් හයිරන්කාරකම් පෙන්වන්න අවස්ථාව සලසා දුන්නා, ඊළග වතාවේ බැරි වෙලාවත් සජිත් හරි රනිල් හරි ජනාධිපති වුණොත් අපිට වෙන්නෙත් ඔය ටික තමා පාඩද දේශපාලකයෝ එන විට කාණුවට බැහැලා ඉඩ දෙන්න වෙනවා නැත්නම් කනට ගහලා බෙල්ලත් මිරිකලා යයි.
කිසිම චාරයක් නැති දේසපාලුවෙක් .වෙන එකෙකුගේ නම් නම,ගම,විතරක් නෙවෙයි මුලු පැටිකිරියම දායි.ආරක්ෂකයෝ පිරිවරා ගෙන ආපු නිසා බය ඇති .
ඒ පාර තව නූතන දුටු..මුණු කෙනෙක් බිහිවෙලා... මේ බැඳ දමවු.
ප්‍රසන්න රණවීර කියලා මැටිවලට සම්බන්ධ ඇමති කෙනෙක් ඉන්නවානේ එයා තමයි
තවත් කාලකන්නියෙක්
රාජ්‍ය ඇමතිවරයෙක් කියන අප්‍රසන්න දේසපාලුවෙක්ගේ වැඩක්. නීතීයෙන් දණ්ඩුවම් දිය යුතු නොසන්ඩාල වැඩක් කරලා තියෙන්නේ.
මිරිස්කුඩු අප්‍රසන්නයා…
එයා තමයි මිරිස් කුඩු පාර්ලිමේන්තුවට ගෙනාපු කෙනා නමෙන් නම් ප්‍රසන්න වැඩ නම් අප්‍රසන්න
ලොක්කෙක් නෙවෙයි, සුනඛයෙක්. දැන් නෙ නම දන්නෙ. ප්‍රසන්න රණවීර
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ අයටද රට කරන්න දෙන්න යන්නේ...!
ගණන් ගන්න එපා. එයා ටිරාන්ගේ ගිවිසුමට කැබිනට් එකේ අත උස්සපු ඇමැති කෙනෙක්. එයාලාට බලේ තියෙනවා ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වල එහෙම කරන්න. එයා ප්‍රභූවරයෙක්නේ... තේරෙන්නේ නැද්ද?
අර මිරිස් කුඩු ප්‍රසන්න තමා වැඩේ කරලා තියෙන්නේ...
මේ කැලණියේ ඉන්න ගොන් වස්සා...
වෙන කවුරුත් නෙවෙයි මිරිස්කුඩු ප්‍රසන්න, මැටි ඇමැති...
ටිරාන් කොහේද හැංගිලා ඉන්නේ, අර ගුවන්තොටේ ප්‍රශ්න කරපු කොලුවාට දාපු ජාතිය ඔයි ඇමැතියාටත් දානකං අපි බලාගෙන ඉන්නවා, බුහ් බුහ් නොගහ වහාම පියවර ගන්න.
මෙසේ අප්‍රසන්න ලෙස හැසිරුණු අප්‍රසන්න පොහොට්ටු කුක්කාට නිසි දඬුවම් ලබා දිය යුතුයි.රටේ සාමාන්‍ය මිනිහෙකු සුළු හෝ වරදක් කළ හොත් එයට උපරිම දඬුවම් ක්ෂණිකව ලැබේ.ඒත්, මේ පොහොට්ටු කුක්කා ඉදිරියේ නීතිය හා පොලිස්පති ඇතුළු පොලීසියද අන්ද මන්ද වී ඇති බව පෙනේ.