
(අංජුල මහික වීරරත්න)
උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මේ වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
යාපනය, මන්නාරම සහ මුලතිව් නගර කේන්ද්‍ර කරගනිමින් මෙම පොල් ත්‍රිකෝණය ආරම්භ කරයි.
සැප්තැම්බර් 2 වැනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් මෙම පොල් ත්‍රිකෝණය අරඹන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ ජනාධිපති කාර්යාල මාධ්‍ය ඒකකයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් පොල් ත්‍රිකෝණයක් නම් කරයි
මැක්ස් Wednesday, 02 August 2023 01:01 PM
ඉතා හොඳ වැඩක්. මා දැනට මාස කීපයකට කලින් ඔය ප්‍රදේශවල පොල් කර්මාන්තයට අදාලව චාරිකාවකට සහභාගි වුණා. එහිදී අත්දැකපු දෙයක් වන්නේ සාර්ථක පොල් වගාවක් සඳහා ඒ පළාත්වල ඇති ශක්‍යතාව. සාම්ප්‍රදායිකව පොල් පිට රට යැවීමට අමතරව පොල් ආශ්‍රිත නිෂ්පාදන මගින් විදෙස් විනිමය රටට ගෙන ආ හැකියි. සාර්ථක වේවා. අදාළ පසු විපරම් කිරීමට ද පියවර ගන්න ඇමැතිතුමා...!
ravin Wednesday, 02 August 2023 02:26 PM
බැරිද හොරාකන අයගේ ත්‍රිකෝණයකුත් හදන්න...?
අනිල් Wednesday, 02 August 2023 02:48 PM
අපේ රට දැන්නම් පොල් වලින් ස්වයංපෝෂිත වෙයි. හැබැයි ඉතින් අර සංගීත සංදර්ශන දාන ඉතාලියේ හිටපු තානාපතිට එහෙම අහු උනොත් අබ සරණයි.
Harsha Wednesday, 02 August 2023 04:30 PM
එහෙ ත්‍රිකෝණෙයි, මෙහෙ ත්‍රිකෝණෙයි එකතු කරලා පොල් කොටුවක් හැදුවා නම් හරිනේ. නැතිනම් ඔය දෙකඩ වෙන්නම පරිපාලනයක් දාලා, වෙනම නිලධාරීන් දාලා, වෙනම ඇමැති කෙනෙකුත් දායි.
Perera Thursday, 03 August 2023 05:10 AM
බොරු සෝබන වැඩ.ඔය කියන ත්‍රිකෝණයේ එකඳු සශ්‍රික පොල්වත්තක් වත් තියනවද ?