
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
දේපළ හානිය වෙනුවෙන් වැඩිම මන්දි මුදල ලබාගෙන ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව පවසන අමාත්‍යවරයා ඔහු නවකෝටි පනස් නව ලක්ෂයක මුදලක් ලබාගෙන ඇතැයිද සඳහන් කළේය.
සමහරුන් මේ වන්දි ලබාගෙන ඇත්තේ රජයේ නිලධාරීන්ටද බලපෑම් කරමින් බව ඔහු කීවේය.
සාමාන්‍ය ජනතාව වගා හානියකට ගං වතුරින් කැඩුණු ගේකට වන්දියක් ගැනීමට කොපමණ වෙහෙසක් දරනවාදැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා ජාතික ජන බලවේගය බලයට ආවේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට බවද ප්‍රකාශ කළේය.
නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන් අරගල සමයේ දේපළ හානි වෙනුවෙන් ලබාගත් වන්දි පිළිබඳව තොරතුරු අනාවරණය කරමිනි.
නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය.
බලය අතේ තියෙන අය දේපළ හානි සිදුවූ බව පවසමින් ගත්තු වන්දි ප්‍රමාණ බලන්න.
කපිල අතුකෝරළ මහතා පන්ලක්ෂ හාර දහසක්ද , විමල වීර දිසානායක මහතා රුපියල් පන් ලක්ෂ පනස් දහසක්ද ගීතා කුමාරසිංහ මහත්මිය රුපියල් නවලක්ෂ හැත්තෑ දෙදහසක්ද ජනක තිස්සකුට්ටිආරච්චි එකොළොස් ලක්ෂ හතළිස් තුන්දහසක්ද ගුණපාල රත්නසේකර මහතා දාහතර ලක්ෂ දොළොස් දහස් හත්සිය අසූවක්ද ප්‍රේමනාත් සී දොළවත්ත මහතා ලක්ෂ 23ක්ද ප්‍රියංකර ජයරත්න මහතා විසිතුන් ලක්ෂ හතළිස් අට දහසක්ද සම්පත් අතු කෝරළ මහතා විසිපන් ලක්ෂ හතළිස් හය දහස් හයසිය දහයක්ද ජයන්ත කැටගොඩ මහතා විසි අට ලක්ෂ දහ හතර දහස් අට සීයක්ද විමල් වීරවංශ මහතා 2954000ක්ද මහාචාර්ය චන්න ජයසුමන මහතා 3334000ක්ද අකිල එල්ලාවල මහතා 3554550ක්ද චමල් රාජපක්ෂ මහතා 6539374ක්ද චන්දිම වීරක්කොඩි මහතා 6948800 ක්ද අශෝක ප්‍රියන්ත මහතා 7295000ක්ද සමන් ප්‍රිය හේරත් මහතා ලක්ෂ 105ක්ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලක්ෂ එකසිය පහක්ද ලබාගෙන තිබෙනවා.
මෙයට අමතරව රෝහිත අබේගුණවර්ධන මහතා ලක්ෂ 116.4 ක්ද විශේෂඥ වෛද්‍ය සීතා අරබෙපොල මහත්මිය ලක්ෂ 137.8ක්ද සහන් ප්‍රදීප් මහතා ලක්ෂ 171.3ක්ද සෙහාන් සේමසිංහ මහතා ලක්ෂ 185.1 ක්ද ඉන්දික අනුරුද්ධ මහතා ලක්ෂ 195.5ක්ද මිලාන් ජයතිලක මහතා ලක්ෂ 223ක්ද වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලක්ෂ දෙසිය අසූ එකක්ද දුමින්ද දිසානායක මහතා ලක්ෂ 288ක්ද කනක හේරත් මහතා ලක්ෂ දෙසිය අනූ දෙකක්ද ඩීබී හේරත් මහතා ලක්ෂ 321ක්ද ප්‍රසන්න රණවීර මහතා ලක්ෂ 327ක්ද ඩබ්ලිව් ඩී වීරසිංහ මහතා ලක්ෂ 372ක්ද ශාන්ත බණ්ඩාර මහතාලක්ෂ 391ක්ද එස් එම් චන්ද්‍රසේන මහතා ලක්ෂ 438ක්ද සනත් නිශාන්ත මහතා ලක්ෂ 427ක්ද සිරිපාල ගම්ලත් මහතා ලක්ෂ 509ක්ද අරුන්දික ප්‍රනාන්දු මහතා ලක්ෂ 552ක්ද සුමිත් උඩුකුඹුර මහතා ලක්ෂ 559ක්ද ප්‍රසන්න රණතුංග මහතා ලක්ෂ 561ක්ද කෝකිලා ගුණවර්ධන මහත්මිය ලක්ෂ පන්සිය අසූහතක්ද මොහාන් පී ද සිල්වා මහතා ලක්ෂ 601 ක්ද නිමල් ලන්සා මහතා ලක්ෂ 692ක්ද අලිසබ්‍රි රහීම් මහතා ලක්ෂ 709ක්ද ගාමිණී ලොකුගේ මහතා ලක්ෂ 749ක්ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලක්ෂ 934ක්ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් ලක්ෂ 959ක්ද ලබාගෙන තිබෙනවා.
මේ සියලු දෙනා අරගෙන තිබෙනවා එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සිය තිස් හතක්. බලය පාවිච්චි කරලා මේ අය වන්දි ලබා ගත්ත ආකාරය තමයි මේ.ගොවියෙකුට වගාවකට හානියක් වුණොත් ගංවතුරට ගිය අහුවෙලා කෑල්ලක් කැඩිලා ගියොත් වන්දියක් ගන්න කොච්චර අමාරුද. මේ අය රජයේ නිලධාරීන්ටත් බලපෑම් කරලා ගත්තු වන්දි ප්‍රමාණය දැක්කනේ. මේක තමයි අපේ රටේ තිබුණු දේශපාලනය. මේවා තමයි අපි හරවාගෙන යන්නේ.
COMMENTS
කොහොමද බෙදාගැනිල්ල, මොවුන්ව පාරෙදි දැක්කාම තවත් ගහන්න තියෙන්නේ... ජනතාවගේ ධනය හොරාකාලා...
මෙම ගිනි තැබීම්වල මූලිකත්වය ගත් පෙරෙට්ටන් සහ ජවිපාවුන්ගේ අරමුදල්වලින් ඒවා පියවා ගත්තා නම් වඩාත් සුදුසුයි...
අපිට මාලිමා ආණ්ඩුවෙන් රතුහාල්, පොල්, ලුණු, බිත්තර අඩුවටම දීපල්ලා. ඒවා මාස තුනට හැදෙන්නේ නැති කතා වැඩක් නෑ. අනික රටට කෙළවුණේ කොහොමද කියලා හොයලා වැඩක් නෑ. මොකද හිටපු දේශපාලකයින්, කොටසක් රාජ්‍ය නිලධාරීන් රටට කළාට වඩා වැඩි හානියක්, අපි වගේ බත්කන ගවයින්, ඔවුන්ට කඩේ ගිහිල්ලා රටට කළා.
දෙවියනේ මොවුන් සමහරකගේ දේපල වලට අරගලය නිසා කිසිඳු හානියක් වුනෙත් නම් නැහැ. පට්ට හොරු. කොහොම හරි වන්ගුම ගහලා...
රනිල් කියන තක්කඩියාව පොහොට්ටුවේ උන් පත්කරගත්තේ ඕකට තමයි. ඔවුන්ගේ වැඩ හින්දා ඇතිවෙච්චි තෙල් පෝලිම් වල ඉඳලා මැරුණු කිහිප දෙනෙකුත් හිටියා. හැබැයි වන්දි තියා ඒ මිනිස්සුන්ගේ ගෙයකට අඩියක් වත් තිබ්බේ නැහැ...!
නඩුුත්, බඩුත් හාමුදුරුවන්ගේ කීවාලු නේද?
ඔයගොල්ලෝ බලය ලබාගන්න මිනිස්සු උසිගන්වලා ඒ මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් විනාශ කරපු නිසා තමයි... ඒ මිනිස්සු වන්දි අරගෙන තියෙන්නේ ඔයගොල්ලෝ බලය ලබාගන්න... ඒ පහත් වැඩේ නොකළා නම් ඔය කෝටි ගාණම ඉතුරු වෙනවා නේද? දැන් ගත්තු මිනිහාට දොස් කියලා වැඩක් නෑ. ඒ ගන්න පාර කපපු මිනිස්සු තමන්ම හිතන්න ඕනෑ. අපි නේද මේ අපරාධය කළේ කියලා...?
අරගලයෙන් වුණේ කරපු අයගෙත් බලයේ හිටි අයගෙත් කරල් පැහිච්චි එක තමයි. මෙලෝ හසරක් නැතිව දඟළපු කොටසක් ඉන්න ඇති අන්තිමට ගෙදර ගිය...
හරි නම් ඔය පුච්චපු උන්ම ඒවා වල වන්දිය ගෙවන්න ඕනෑ. මොකක් ගන්නද දේපළ විනාශ කළේ? ජෙප්පෝ නම් ඉතින් ඔය විනාශ කිරිල්ල නුපුරුදු කට්ටියක් නෙවෙයි, බස්, තැපැල්, කන්තෝරු, වී ගබඩා, කෘෂිකර්ම කාර්යාල, බස් කෙළවරක් නැති දේපළ විනාශ කළා. මොකක්ද ඒවායින් රටට ලැබුණු සේවය...?
සාමාන්‍ය මිනිසකුට නිවසක් සෑදීමට රජයෙන් අනුමත කරන්නේ උපරිමය ලක්ෂ 25යි. කෝ මේ දශක හතක සුපිරිසිඳු, සෞභාග්‍යමත්, ආශ්චර්යයමත් පාලනයට ආවඩන, පක්ෂ-පාට කරේ තියන් ඉන්න කට්ටිය...?
මේ විදිහට වන්දි මුදල් දෙන්න පුළුවන්ද? කාගේ සල්ලිද? කැරැළි කෝලාහල වුණොත් සාමාන්‍ය මනුස්සයෙක්ට මේ විදිහට වන්දි දෙනවද? කෙහෙළියට, ජොන්ස්ටන්ට ලක්ෂ 900ට වඩා වන්දි ගෙවන්නේ කොහොමද? කෙහෙළියලා බාල බෙහෙත් ගෙනත් මැරුණා. ඇස් අන්ධ වුණු මිනිස්සුන්ටත් ගෙව්වේ ලක්ෂ 20යි. පරිප්පු ඇටේටත් බදුපිට බදු ගහලා අපෙන් හූරාකාලා, මොවුන් හොරාකෑවා මදිවට වන්දි කියලාත් සල්ලි ගසාකාලා.
අසමජ්ජාති, අවලම් වැඩ කරලා, මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියලා මදිවට තව ලැජ්ජා නැතුව ගත්තු වන්දි ගැන කියවනවා. ගිනි තියන්නේ නැතුව හිටියා නම් ඔය කෝටි ගාණම රටට ඉතුරුයි නේද? තව ජනාධිපති මන්දිරෙයි, අරලියගහ මන්දිරෙයි නැති වෙච්චි, හොරකම් කරපු බඩු වල, පින්තූරවල වටිනාකම කීයද කියලත් කියන්න ඔය එක්කම.
ඔය ජවිපයේ මෑතකදී ගිනි තියපුවා. ඔය පොඩ්ඩයි. ඒ කාලේ බස් ගිනි තියපුවා, ට්‍රාන්ස්ෆෝර්ම ගිනි තියපුවා, මිනී මරපුවාගේ වටිනාකම කීයද? අදටත් ඒ මිනිස්සු ඉතුරු වෙලා හිටියා නම් මේ වගේ හාල්පාරුවන් කවදාවත් බලය ගන්නේ නෑ...!
මෙතන කමෙන්ට් කරන බහුතරයක් දුෂිත දේශපාලුවගේ නෑයෝ, නැත්තං ගෝලයෝ. අපි දන්න හින්දා දන්නවා ලන්සා කියන්නේ කව්ද කියලා.
ගාල්ලේ රමේෂ් ගෙ ගෙදර තට්ටු 3කට හදලා.. ලක්ෂ 280 පාඩු වුනේ කොහොමද.. දැන් මාළිගාවක් හදල... තාත්තාට තිබුණේ පැරණි ගෙයක් .. ඕන නම් ලක්ෂ 50 උපරිම වැඩිත් එක්ක. සාමාන්‍ය මිනිසුන් කී දෙනකුගෙ ගෙවල් කැඩුනද පහුගිය වැහි කාලේ. ලක්ෂ 10 ගන්න බැරි වුණා . මෙහෙම හදපු ගෙවල්වල වැසි දවස්වල ඉන්න එපා.. හෙන ගහයි.
සහෝදරවරුනී කියාගෙන ඇවිල්ලා ගෙවල් ගිනිතියලා විතරක් රටට කරලා කරලා තියෙන හානිය සුළුපටු නෑ. පැලවත්තට ලැබෙන එන්.ජී.ඕ අරමුදල් වලින් රජයට මේ මුදල් ලැබිය යුතුයි.
ජෙබයියෝ මිනිස්සු අවුස්සලා ගිනි තියලා බොරු විඳලා බලය ලබාගෙන දැන් එනවා කේළම් කියන්ඩ. රටේ මිනිස්සු දුක් විඳිනවා.
රට බංකොලොත් කරපු මහින්ද රාජපක්ෂගේ ගේ අලුත් වැඩියාවට විතරක් ලක්ෂ 800ක් මුන් මේ වන්දි ඔක්කොම අරගෙන තියෙන්නේ රට බංකොලොත් වෙලා තියෙද්දිනෙ
ලයික් දාන කමෙන්ට් දාන එවුන්ට ගෙවන්න පැලවත්තෙන් සල්ලි ටිකක් පාස්වෙලා වගේ
අවජාතකයෝ ගොඩායි... එනම්... කමල්... අරුණි... සෙදිරිස්... ලිලසේන... ගුණරත්න... ජී. අජිත්... කසුන්...
කෙහෙළිය හැම වෙලේම ඉහලම කෙනා
සාමාන්‍ය මිනිස්සුන්ගේ බදු මුදලින් මේ වන්දි ගෙවීම පිලිගන්න බෑ. දැන් ගෙවපු එක කිසිම ප්‍රශ්ණයක් නෑ. වහාම ගෙවල් ගිනි තියපු අය අත් අඩංගුවට අරන් උන්ගේ පෞද්ගලික දේපල රාජසන්තක කරලා, වෙන්දේසි කරලා මේ වියදම් වෙච්ච මුදල රජයට උපයා ගත යුතුයි. මෙම ම්ලේච්ඡ ගිනි තැබීම් සඳහා මිනිසුන් උසිගැන්වූ ජවිපෙන් සහ අගරදගුරුගේ පල්ලියෙනුත් කොටසක් අය කරගත යුතුයි.
ගිනි තියපු ජවිපෙ පක්ශ අරමුදලෙන් මෙම මුදල වහා පියවනු. රනිල් ඒ වන්දි ගෙවපු දවස් වලම මේ ගැන කිව්වා. හැබැයි රනිල් කිව්වේ කෝටි 141ක් කියලා. උඹලට කොහොමද කෝටි 122ක් වුනේ? ඒ බොරු හරි යන්නෙ නෑ. කෝටි 141 පක්ශ අරමුදලෙන් ගෙවනවා. හාල් වලින්ම කෝටි බර ගානක් ගැහුවනේ. 220ට විකුණන්න ගෙනාපු හාල් 280ට විකුණුවාම එක කිලෝ එකකින් රුපියල් 60ක් හොයලනේ. ටොන් 70000ක් කියන්නේ 70,0000 x 1000 x 60 =කෝටි 420. අන්න එහෙමයි එක පෑන් පාරෙන් ගොඩ ගියේ. 420 - 141 = 279. ඒත් අවුලක් නෑ නෙ.
ඒකෙ කිසිම වරදක් නෑ. ඒකට වග කියන්න ඕනේ අරගලේ ඇතුලේ දේපළ ගිනි තියපු අයයි ඔවුන්ව මෙහෙයවපු ඔහේලයි.
ඔහොම වැඩකිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ගේ පාරම්පරික උරුමයක් කියන්නත් පුළුවන් මම උදාහරණයක් හැටියට මීට අවුරුදු 50 කට පෙර අංක 211 ග්‍රාම නිළධාරි වසමේ පොඩි අප්පුහාමි කියලා ගම්සභා නියෝජිතයෙක් හිටියා. මිනිස්සු ඔහුට කිව්වෙ මැම්බර් පොඩිමහත්තෙයා කියලා ඒ මනුස්සයාට තිබුනේ කටුමැටි බිත්ති ගෙයක්ලු... ඉතින් එක්තරා වැහි කාලයක තද වැසි දිනක මිනිහා ගෙයි බිත්ති වැස්සට පෙරළුණු ආකාරයට කඩාදැම්මා. ඉන් පස්සේ ඒජීඒ ඔෆිස් එකට ඉල්ලීමක් කර මුදල් අරගෙන ගෙය හදාගත්තයි කියලා ගමේ ජනතාව කිව්වා (සත්‍යම සිද්ධියක්)
ජනතා ප්‍රසාදය විනාශ වෙච්ච ජවිපෙ, කෘතීමව ජනප්‍රියතාව පෙන්නන්න හොරාට ලයික් ප්‍රමාණය වැඩි කරගෙන. ෆේස් බුක් එකේ දැන් නම් උන්ට ලයික් වැටෙන්නෙ අර විලි ලැජ්ජාවට වෙන පක්ෂයට එකපාර හැරෙන්න බැරි පුන්නක්කු කන සෙට් එකයි, ෆේක් අකවුන්ට් සෙට් එකෙනුයි විතරයි. තවම මාස 3යි හොඳේ. අපි බලමුකො. ගිනි තිබ්බෙත් වෛර පිරිමහන්න කියල දැන් ඔප්පු වෙලානෙ තියෙන්නෙ.
ගෙවල් ගිනි තියපු අය සහ සමාජමාධ්‍ය වලින් ගිනි තැබීමට පොළඹවපු අයගෙන් මේ වියදම් අයකර ගන්න.
ඔබලා ගිනි තියන්නේ නැත්තම් මේ සල්ලි මහජනයාගේ සුභසිද්ධියටනේ ගන්නේ. දැන් වැඩේ කරලා බයිලා ගහලා වැඩක් නැහැ.
අම්මෝ... මුන් පට්ට හොරු රැලක් බව නොතේරෙන ගොන් මීහරක් තාමත් ඉන්නවානේ... මුන් මාර ගසා කෑමක්නෙ පහුගිය කාලේ කරලා තියෙන්නේ... අපේ බඩු වලින් අපේම රීරි මාංශේ උරා බීලා... මුන් ඔක්කොගේම ගෙවල් ආයේ ගිනි තියන්න ඕනේ... රජයට අම්බානක වන්දි අරගෙන, තමන්ගේ පුද්ගලික රක්ෂණ වලින්වත් සල්ලි ගන්නෙත් නෑ... තවත් හොර වංචා අසුවේවා... මාලිමා රජයටත් මහජනතාවත් දිනේවා
අම්මෝ එක
දැරීමට සිදුවන වියදම් දැරීමට නියමිතව ඇත්තේ වත්කම්වලට හානි කිරීමට සම්බන්ධ ජවිපෙ සහ අනෙකුත් විරෝධතාකරුවන් විසිනි. හානිදායක තක්සේරු කිසිසේත්ම නිවැරදි නොවේ. මෙම අරමුදල් ජනතාවට අයත් වන අතර පසුගිය වසර 55 තුළ එකතු වූ හානි නියෝජනය කරයි. මෙම ප්‍රත්‍යක්ෂ වියදම් මගින් සිදු වූ හානියේ තරම පිළිබිඹු වන බව පැහැදිලි වන අතර, 1971, 1988 සහ 1989 සිදුවීම් වලදී පුද්ගල මූල්‍යවලට සිදු වූ පාඩු තවමත් නොදන්නා කරුණකි. මගේ අවබෝධය අනුව මේ වියදම් සඳහා විපතට පත් වූවන්ට වන්දි ලබාදීම රජයේ වගකීමක්.
අසරණ පිළිකා රෝගින්ට, තවත් අසරණ රෝගින්ට විෂ බෙහෙත් ගෙනත් දීපු අමන තක්කඩි කැහැළිය හොරා, තවත් කොච්චර හොරා කන්න ඇතිද? මේවාට සාප වෙන්න ඕනේ. අපරාද! අමන තක්කඩි හොර හාමුළට බණිද්දී, කටු කාපු බල්ලොන්ට හරිම අමාරුයි
ලැබෙන වන්දි මුදල වගේ සිය දහස් ගුණයක් අරගෙන , මේවා රටට හෙළි කිරීම වැරදිද ? රටේ ජනතාව පෝලිම් වල මැරී වැටෙද්දී මුන් මොන තරම් හොර කාලද ? එදා අරගලයට පහර දෙන්න රනිල්, රාජපක්ෂ හවුල මැරයෝ යෙදෙව්වේ නැතිනම් මෙහෙම අලාබ වෙලා මේ හොර තක්කඩියන්ට වන්දි මුදලිනුත් හොර කන්න වෙයිද? මේ හොර නඩයේ කටු ලෙව කන සුනකයින් දෙතුන් දෙනෙකුට හොදටම රිදිලා බවනම් පේනවා
රාජපක්ෂලාගේ, රනිල්ලාගේ, සජිත්ලාගේ අසූචි කළාම පුරුදු කසුන් වගේ අය ගැන කතා කරලා වැඩක් නෑ. ඔවුන් බයවෙලා ඉන්නේ රටට වින කරපු අයට කෙළ වෙයි කියලා. කසුන් වගේ අය ඇත්තටම පොළවටත් බරක්...
ජෙප්පෝ 1971 දීත්, ඉන්පසුව 1988-89 කාලයේත් විනාශකළ දේපළ වෙනුවෙන් කොපමණ වන්දියක් ගෙවන්න ඇද්ද? ඊළඟට ජෙප්පෝ පෙරෙට්ටෝ කරපු වර්ජන වෙනුවෙන් ජනතා ධනය කොපමණ නාස්තියක්ද වෙන්න ඇද්ද? එම මුදල් හා විනාශ කිරීම් බැලුවොත් ඔය ප්‍රකාශකයා කියනවා වගේ දස දහස් ගුණයක් පසුගිය අවුරුදු 76 දී නාස්තිවෙලා... ඇති ඇයි මුන්දැලා කරපුවා කවුරුවත්ම නොකියන්නේ.. ජෙප්පෝ නාස්තිකළ මුදල් වලින් හා සම්පත් වලින්ම මෙරට සුරපුරයක් කරන්න තිබුණා.. මොවුන්ට තමන්ගේ ඇහේ තියෙන පරාලය පේන්නේ නැහැ.. ඒත් අනෙක් අයගේ ඇහේ තියෙන අබමල් රේණුව මහමේරුවටත් වඩා ලොකුවට පේනවා...!
තාමත් වහල්ලු ජීවත් වෙනව නේද බලන් යද්දි
සේරටම කලින් මුන්ට මෙ පමණ වටින දේපලක් තිබුණු බවට වත්කම් ප්‍රකාශන වල සඳහන්කර තිබේදැයි බලන්න.එහෙම නැත්නම් වන්දිය හොරට අරගෙන තියෙන්නෙ. හරිම ලේසියි එහෙම කලාම මුන්ට අසත්‍ය ප්‍රකාශ වලට දඬුවම් කරන්න පුළුවන් .
රටට කෙළවපු අයට වචනයක් කියන්න බැහැ.
මේ සේරම ජෙප්පන්ගෙන් අය කරගන්න ඕනෑ. රටේ විනාශකාරයෝ...