IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ආණ්ඩුවේ වසරක ගමන්මග

වසර 75ක කාලය තුළ දූෂිත දේශපාලන සංස්කෘතිය හේතුවෙන් ලෝකයේ අන්ත දිළිඳු රටක් බවට පත්ව තිබූ ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ පවුල්වාදී, ප්‍රභූ, ද්විපාර්ශික බල මුළු අවසන් කරන ලද 2024 නොවැම්බර් 11 වැනිදා ඓතිහාසික දිනයකි.

එසේම නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය දිවුරුම් දී පසුගිය 18 වැනිදාට වසරක් පිරිණි. වත්මන් රජය අප රට දේශපාලන ඉතිහාසයේ තනි පක්ෂයක් ලෙස 68 ලක්ෂයක ජනවරමක් ලබා ආසන 159ක් දිනා ගැනීම විශිෂ්ටතම ජයග්‍රහණයකි.

පොදු ජනතාව විසින් ජාති, ආගම්, ගෝත්‍ර භේදයකින් තොරව වත්මන් රජය බලයට පත් කර වසරක් ගත වූවා පමණි. රජය මෙම සුවිශිෂ්ට ජයග්‍රහණය ලබන විට ශ්‍රී ලංකාව අතිශය තියුණු විනාශකාරී දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික අර්බුදයක ගිලී සිටියේය. දිගින් දිගටම පැවැති දූෂිත, පාදඩ දේශපාලනය නිසා ආදායම් මාර්ග බිඳ වැටී ජනතාව අන්ත අසරණ තත්වයකට පත්වීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟව, රුපියල අවප්‍රමාණය වීම, විදේශ වත්කම් පහළ වැටීම, දරාගත නොහැකි සිය අර්බුදය සහ අධික ජීවන වියදම් යනාදී වශයෙන් ආර්ථිකය පැති කිහිපයකින් මහත් අර්බුදයකට මුහුණ පෑම නිසා ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශ කර තිබුණි. මේ සකලවිධ ආර්ථික, සමාජ, සංස්කෘතික අර්බුද කළමනාකරණ කරමින්, ජය ගනිමින් වත්මන් රජය වසරක කාලයක් තුළ රට ආර්ථික, සමාජ, දේශපාලන වශයෙන් ස්ථාවරභාවයකට පත් කිරීමට සමත්ව සිටින බව පොදු මහජනතාව මෙන්ම ජාත්‍යන්තරය ද පිළිගෙන තිබේ.

වසර 75ක කාලය තුළ රට විනාශයට ඇද දැමූ බලලෝභී දේශපාලනඥයෝ රජයට වසරක කාලයක් ඉකුත් වීමට පෙර සිටම විවිධ අවලාද, මඩ ප්‍රචාර නගමින් සිටිති. වත්මන් රජය “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ රට සෞභාග්‍යය කරා ගෙන යාමට, බිඳ වැටුණු ආර්ථිකය හා සමාජය යළි ගොඩ නැගීමට සැලසුම් සහගතව කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන ප්‍රතිපත්ති මාලාවකට, සංවිධිත වැඩපිළිවෙළකට අනුව තමන් වෙත පැවරෙන ඓතිහාසික කාර්යභාරය සාර්ථකව ඉටුකරමින් සිටී. පුරවැසියන් සමග ඇති කර ගන්නා ලද ගිවිසුම අනුව තමන් වෙත පැවරුණු එම ඓතිහාසික කාර්යභාරය නිම කිරීමට රජයට තවත් වසර හතරක පමණ කාලයක් ඇත. එම කාලය ද නිමාවීමට පෙර වත්මන් රජය සිය ඉලක්ක සපුරා ගන්නා බව යමක්-කමක් තේරුම් ගත හැකි සියලු‍ දෙනාම අවබෝධ කරගෙන සිටීම සතුටට කරුණකි.

වත්මන් රජය ජනතාව විසින් පවරන ලද ඓතිහාසික දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික භූමිකාව ඉටු කරන බවට ජනතාව තුළ ඇත්තේ දැඩි විශ්වාසයකි. එබැවින් පරාජිත, දූෂිත දේශපාලනඥයන් මෙන් ජනතාව කලබල වන්නේ නැත. නොඉවසිලිමත් වන්නේ ද නැත. තම රට පිළිබඳ අභිමානයෙන්, කැක්කුමක් ඇති පොදු මහජනතාව රජය සමග අත් නොහැර, අත්වැල් බැඳ සිටින්නේ රට ගොඩ ගැනීමේ භාරදූර වගකීම, ඓතිහාසික කාර්ය භාරය වත්මන් රජය ඉටු කරනු ලබන්නේ යයි, පරම විශ්වාසයකින් යුක්තවය. රට විනාශ මුඛයට ඇද දමා, බලලෝභීව රජයට අවලාද, මඩ ප්‍රචාර, කරන දූෂිත දේශපාලනඥයන්ට මෙන් පොදු ජනතාවට වත්මන් රජයට එරෙහිවීමට කලබලයක්, කුලප්පුවක් නැත. ජාතික ධනය කාබාසිනියා කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සංවිධානාත්මක අපරාධ හා පාතාල කල්ලිවලට නායකත්වය දෙන ලද දේශපාලන කල්ලි - කණ්ඩායම් කුලප්පු වීම, කලබලවීම පුදුමයක් නොවේ. දැන් යන එන මං නැතිවී සිටින දේශපාලන කණ්ඩායම් ව්‍යාජ මතවාද සමාජගත කරමින්, විවිධාකාරයෙන් වෙස් බැඳගෙන දේශපාලන රඟමඬලට අවතීර්ණ වී ඇත. එහෙත් රජය මෙම දේශපාලන පිල්ලි, බලවේග හඳුනා ගනිමින් එයට සාපේක්ෂව තීන්දු තීරණ සහ එඩිතර පියවර ඉවසිලිමත්ව ගැනීමත් සමග සතුරු බලවේග අන්දමන්දවී ඇත. වික්ෂිප්ත වී ඇත.

ගතවූ දශක ගණනාවක්ම මහජන දේපළ කොල්ලකමින් සුරසැප විඳි දේශපාලනඥයන් සිය සළුපිළිවලින් වසාගෙන සිටි මහා පරිමාණ දූෂණ-වංචා මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වත්මන් රජය යටතේ නිරාවරණය වන විට එයට අනුබල දුන් දේශපාලනඥයන්ගේ වෙස්මුහුණු ගැලවෙන විට ඔවුන් කුපිතව නොසන්සුන්ව හැසිරෙනු දක්නට ඇත. එසේ වුව ද වත්මන් රජයේ ජනාධිපතිවරයා, ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් සිය වරප්‍රසාද තමන් විසින්ම අහිමිකර ගනිමින් අභිමානවත් දේශයක්, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට කටයුතු කරන අයුරු මෙතෙක් ක්‍රියාත්මක වැඩසටහන් සහ 2025 - 2026 අයවැය ඉලක්කම්වලින් මනා කොට පැහැදිලි වේ.

මෙතෙක් සමාජගත කරන ලද සංවර්ධන වැඩසටහන් සහ අයවැය ප්‍රතිපාදන “පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” යන තේමාව ඉලක්ක කරගෙන ඇත. ස්වයං රැකියා අවස්ථා සුලබ කිරීම, සුළු, මධ්‍ය, හා මහා පරිමාණ කර්මාන්ත, දේශීය කෘෂිකර්මය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, මාර්ග සංවර්ධනය, නවතා තිබූ අධිවේගී මාර්ග යළි ආරම්භ කිරීම, සෞඛ්‍යය, අධ්‍යාපනය, ධීවර කර්මාන්තය, සමාජ සුබසාධනය, සංචාරක ව්‍යාපාරය යනාදී ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදී ඇති අයුරු, වෙන්කර ඇති ප්‍රතිපාදනවලින් මනාකොට පැහැදිලි වේ. මෙතෙක් කල් පැවැති මහාපරිමාණ අල්ලස් දූෂණ පිටුදකිමින්, එයට විරාමය තබමින් රජය විසින් විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති රාමුව තුළ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ආදි රාජ්‍ය ආයතන සිය ආදායම් ඉලක්ක පසුකරමින් සිටින බව සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වේ. සංචාරක ක්ෂේත්‍රය සහ විදේශීය ආයෝජනවල කැපී පෙනෙන ප්‍රගතියක් දැකිය හැකිය. යුක්ති ගරුක සාධාරණ සමාජයක් ගොඩ නැගීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ඇත. අධිකරණය ඉදිරියේ සියල්ලන්ම එක හා සමානය යන මූලධර්මය දැන් ක්‍රියාත්මකය. දේශපාලන බලපෑම්වලින් තොර පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය සේවයක් ස්ථාපිත කළ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව සුදුසුකම් මත රැකියා අවස්ථා සැපයීම් වැනි ප්‍රගතිශීලී පියවර ජනතාවගේ පැසසුමට ලක්ව ඇත. තව ද වත්මන් රජයේ මානව හිමිකම්වලට ගරු කරන අදූෂිත දේශපාලන ප්‍රතිපත්තිය ගැන ඇති පිළිගැනීම නිසා ජාත්‍යන්තරයේ විවිධ රටවල ආධාර අනුබල ද නොඅඩුව ලැබෙමින් පවතී.

ඇත්ත ඇති සැටියෙන් දකිමින් දේශපාලන අන්ධභාවයෙන් සහ වහල්බවින් අප මිදිය යුතුය. පැරැණි වාමාංශික දේශපාලනඥයකු වූ වාසුදේව නානායක්කාර මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණේ වත්මන් රජය රටේත් ජනතාවගේත් උන්නතිය සඳහා යහපත් වැඩපිළිවෙළක් ගෙනයමින් සිටින බවයි. එබැවින් ඔවුන්ට බාධා නොකර එම කාර්යය සාර්ථකව කරගෙන යාමට ඉඩකඩ සැලසීම සියලු‍ දෙනාගේම යුතුකමක් බවයි. එමෙන්ම සමගි පෙරමුණේ ප්‍රබල මන්ත්‍රීවරයකු වන, ආචාර්ය හර්ෂ ද සිල්වා තමන්ගේ හෘදය සාක්ෂිය අවදි කරමින් පවසා තිබුණේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය භාණ්ඩාගාරය මුදලින් පිරී ඉතිරී ගියේ වත්මන් රජය යටතේ බවය. සැබෑ ලෙසම හෘදය සාක්ෂිය අවදිකරමින් කලාතුරකින් හෝ කරනු ලබන මෙවැනි ප්‍රකාශ පිළිබඳව අප ඔවුන්ට කෘතඥතාව පළ කළ යුතුය. එසේ කළ යුත්තේ සත්‍යය දැක දැක එය යටපත් කර, බොරු අවලාද මඩ ප්‍රචාර ගෙන යන කුප්‍රකට දේශපාලනඥයන් සහ පණ්ඩිතයන් ද අප අතර සිටින බැවිනි.

වත්මන් රජය යටතේ භාණ්ඩාගාරය මුදලින් පිරී ඉතිරී යන විට එහි සියලු‍ මුදල් රජය වැය කරන්නේ ජනතාවගේ සුබ සාධනය සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාය. ජනාධිපතිවරයා, අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් තමන්ගේ සියලු‍ වරප්‍රසාද සිය කැමැත්තෙන්ම අහිමි කරගනිමින් භාණ්ඩාගාරය පිරී ඉතිරී යන මුදල් පොදු ජනතාවගේ සුබ සාධනය සඳහා වැය කරනවා විනා, දූෂිත දේශපාලනඥයන් මෙන් හොර පාරෙන් තමන්ගේ සුඛ විහරණයට වැය නොකරන බව ජනතාව දනිති. තමන්ගේ සුඛ විහරණය පමණක් සලකන ඇතැම් විපක්ෂ දේශපාලනඥයන්ගේ චින්තනය කෙසේද යනු වතු කම්කරුවන්ගේ මාසික වැටුපට අයවැයෙන් රුපියල් 200/-ක් වෙන් කිරීමේ දී දැක්වූ විරෝධතාවෙන් පැහැදිලි වේ. වසර 200කට අධික කාලයක් තමන් සතු බිම් අඟලක් නිවෙසක් නොමැතිව අප රටට ජාතික ධනය ඉපයීමට සිය ලේ, දහදිය වැගිරූ අසරණ වතු කම්කරුවන්ගේ වැටුපට රුපියල් 200/-ක් වැනි සොච්චම් මුදලක් වෙන් කළ විට එයට විරුද්ධ වීමෙන් ද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් ද පෙනී යන්නේ කෝටි ප්‍රකෝටි ගණනින් තමන්ගේ සුර සැප සඳහා වැය කළ නරුම දේශපාලනයේ නිරුවතය.

තමන්ට දැන් පැවැත්මක් නොමැති පරාජිත දේශපාලනඥයෝ රජය අපහසුතාවට පත් කිරීමට කපන බොරු වළවල්වල ඔවුන්ම වැටී ගොඩ ඒමට නොහැකිව දඟලමින් සිටිති. පසුගිය දිනෙක ත්‍රිකුණාමලයේ බුදු පිළිමය පිළිබඳ කතාව තුළද යළි ආගම්වාදය, ජාතිවාදය ඇවිස්සීමට තැත් කළ දේශපාලනඥයන්ගේ දේශපාලන මුහුණු මතුවන්නට විය. එබඳු දේශපාලඥයන්ගේ වරප්‍රසාදවලට බිලි වූ අතළොස්සක් චීවරධාරීන් ද ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීමට උඩගෙඩි දීම කනගාටුවට කරුණකි. කවරකු ජාතිවාදය සහ ආගමික උමතුවෙන් ක්‍රියා කළ ද, බුදු දහමේ නිර්මලත්වය ඒ අයුරින්ම පවතිනු ඇත.

විශේෂයෙන් සඳහන් කළ යුත්තේ උමතු ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ජනතාව එම නාටකවලට සහ උමතු වූ ආගම්වාදී, ජාතිවාදී රංගනවලට නොරැවටෙන බවය. ජාතිවාදයේ සහ ආගම්වාදයේ උමතුව සහ උච්චතම අවස්ථාව දැන් ඉතිහාසයට පමණක් සීමා වී ඇත. එම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත් ජනතාව සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ජාතිවාදය සහ ආගම් භේදවලට කිසිදු ඉඩක් නොතබන බව විශ්වාසය. වත්මන් රජය, ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයේ දී පොදු ජනතාව සමග ඇති කරගත් ගිවිසුම, සම්මුතිය, උල්ලංඝනය නොකර එයට ගරු කරමින්, මැනවින් දැන හඳුනාගෙන පරිණත අවබෝධයකින්, දැඩි ඉවසීමකින් ක්‍රියා කරන බව මෙතෙක් ක්‍රියාත්මක කරන ලද සහ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළින් ජනතාව තේරුම් ගෙන සිටිති. විවිධ දේශපාලන පිල්ලි, කණ්ඩායම්, කලබල වී ඇත්තේ රට හරි පීල්ලට වැටී ඇති බව අන් හැමටමත් වඩා ඔවුන් හොඳින්ම දන්නා නිසාය.

(***)

මහාචාර්ය සුසිරිපාල මානවඩු 



අදහස් (4)

ආණ්ඩුවේ වසරක ගමන්මග

Prabath Tuesday, 25 November 2025 03:35 PM

විශ්වවිද්‍යාල සහ අනෙකුත් සංවිධානවල වෛද්‍යවරුන් සහ මහාචාර්යවරුන් බොහෝ දෙනෙක් සිටියත්, UGC විසින් වරින් වර නිකුත් කරන විවිධ චක්‍රලේඛ වර්ග කිහිපයක් තිබේ. ඒ අනුව, මෙම මහාචාර්යවරුන් වර්ග කිහිපයක් බිහි වන්නේ ආචාර්ය උපාධියක් ඇති හෝ ආචාර්ය උපාධියක් නොමැති මහාචාර්ය (දැන් කළ නොහැක) සහ / හෝ සාරාංශ මගින්, ගස් පමණක් ගණන් කිරීමෙන්, කඩදාසි ලිපි ලිවීමෙන්, වෙනත් පර්යේෂණ පත්‍රිකා පිටපත් කිරීමෙන් යනාදියෙනි. වෛද්‍යවරුන්ගේ අනෙක් විශේෂ ශ්‍රේණිය (ආචාර්ය) කිසිදු ලකුණු කිරීමේ යෝජනා ක්‍රමයක් නොමැතිව සංවිධාන විසින් ලබා දී ඇති පරිදි "පුණ්‍යාචාර්ය" වේ. එබැවින්, මෙම මහාචාර්යවරයා (අන්ධ, ගොළු සහ බිහිරි) ලෙස හැඳින්විය හැකි තවත් විශේෂ කාණ්ඩයකි.

:       3       2

fairoosTuesday, 25 November 2025 05:45 PM

ප්‍රභාත් වගේ අයට කොහෙද මේවා තේරෙන්නේ

:       0       0

seneWednesday, 26 November 2025 10:52 AM

අන්ද ගොලු බිහිරි හැර වෙන කිසිවෙකුට මෙවැනි දෙයක් කිවිය හැකිද ?

:       0       0

MindZap Wednesday, 26 November 2025 04:46 PM

සමහරු හිතන් ඉන්නේ මහාචාර්ය වරු කියන්නේ අර මහින්ද පතිරණලා වගේ අයට කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site