IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

(අංජුල මහික වීරරත්න)

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම, රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම, පැළ සිටුවීම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාතාංශයේ මෙහෙයවීමෙන් මෙය  සංවිධානය කර තිබිණි. 



අදහස් (11)

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

Waleboda Monday, 03 April 2023 02:48 PM

මුන්ට පිස්සු ගෙදර ප්‍රශ්න කන්දක් .ජනපති හමුවෙන්න යනවා

:       9       20

චන්දිම ෆොන්සේකාWednesday, 05 April 2023 12:44 AM

හා! ගෙනාවද ඕක? එහෙනම් රෝල් කරලා පස්ස පැත්තේ ගහලම යන්නකෝ.

:       0       0

pradeep Monday, 03 April 2023 02:56 PM

රනිල් රාජපක්ෂටත් ඔක්කොම නාටක ටික රගන්න එපායෑ..

:       8       14

කරුණාජීව . Monday, 03 April 2023 04:03 PM

නැකත්පති වෙන්නේ මේ අවුරුද්දෙන් පස්සේ..

:       4       14

kamal Monday, 03 April 2023 04:50 PM

සාගල නෝනා නැති තැනක් නැහැනේ....

:       3       10

ලක්ෂ්මන් Monday, 03 April 2023 08:33 PM

නැකැත් පත්‍රය සකසන්නේ අලුත් අවුරුදු නැකැත් කමිටුව විසින් කිව්වට ඒක තියෙන්නෙ කොහේද සම්බන්ධ කරගන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්න මම නම් අන්තර්ජාලය හරහා සංකෘතික දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශයේ වෙබ්සයිඩ් බැලුවා හම්බවුනේ නැහැ ඇත්තටම එහි ඉන්නෙ කවුද ඔවුන් බදවා ගන්නෙ කොහොමද සුදුසුකම් මොනවාද කියන්න පුලුවන්ද මට මෙහෙම අහන්න වුනේ එවැනි සමහර අය ඔවුන් ලියා පලකරන පොත්වල දක්වා තියෙනවා අවුරුදු නැකැත් කමිටුවේ සාමාජික කියලා දුරකථන අංක හා ලිපිනයන් තියෙනවා පුදුමෙ කියන්නෙ ඒ ලිපින දන්න කිසිවෙක් අදාල ප්‍රදේශයේ නැහැ දුරකථන ක්‍රියාත්මකත් නැහැ

:       0       2

anuaranga Monday, 03 April 2023 09:57 PM

මුන්ට පිස්සු, මිනිස්සුන්ට යන එනමක් නැහැ. අවුරුදු කන්න තියා එදා වේල කන්නෙත් හරි අමාරුවෙන්. මේ යක්කුන්ටනම් මහින්දය හොරකම් කරපු සල්ලි වලින් බාගයක් දීල ඇතිනෙ,පේන්නෙ නැතිද ඉන්න ලස්සන , කිසිම අඩුපාඩුවක් තියනවද?

:       0       1

ලුම්බිණි Tuesday, 04 April 2023 06:09 AM

ඒකටත් රතු පලස්. මුන්ට නම් ඇත්තටම පිස්සු.

:       0       2

swene Tuesday, 04 April 2023 07:08 AM

තදින්ම රනිල් සහ යහ පාලනය විවේචනය කල විදුර දැන් ඒකෙම ඇලිලා. ලජ්ජාව නැති පුද්ගලයින්ගේ නායකත්වය රටට හෙනයක්.

:       0       2

sunil Tuesday, 04 April 2023 09:38 AM

රටම කුසගින්නෙ මැරෙද්දිත් මුං අවුරුදු කන්න දගලනව. හොර හැත්තම එලව දැමිය යුතුයි.

:       0       3

චන්දිම ෆොන්සේකා Wednesday, 05 April 2023 12:58 PM

කට්ටියට අඬබෙර ගහලා කස්තිරම් අල්ලලා ජය සක් පිඹලා එහෙම ඕක රෝල් කරලා ලොක්කගේ පස්ස පැත්තේ ගහලාම යන්න කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site