
සුජිත් හේවාජුලිගේ
දූෂණ, වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේ දී තරග කිරීමට ඉදිරිපත්වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී දේශපාලන පක්ෂ රැසක් අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තාවේ. මේ පිරිස අතර අධිකරණවල නඩු පවතින අය ද සිටින බව දැනගන්නට ඇත.
ජාතික ජන බලවේගය විද්වතුන් ඇතුළු දේශපාලනයට අලුත් පිරිසක් මහ මැතිවරණයට ඉදිරිපත් කරන හෙයින් එම අපේක්ෂකයන් සමග තරග වැදිය හැකි අලුත්ම පිරිසක් ඉදිරිපත් කළ යුතු බවට විවිධ පාර්ශ්ව විසින් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන දේශපාලන පක්ෂවල නායකයන්ට දැනටමත් යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සියලුම අපේක්ෂකයන්ගේ පසුගිය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා ලබා ගැනීමට එම දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද ඒ පිළිබඳ වාර්තා ලබා ගැනීමට නියමිතය.
මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් තිහකට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඒ බව සිය පක්ෂවලට දැනුම්දී ඇත. මින් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අය වෙති. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුළු දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී විමලවීර දිසානායක අප සමග පැවසුවේ තමා මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණයක් ගෙන නොමැති බවයි. ආර්ථික ප්‍රශ්න ඊට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.
මේ අතර හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකද ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවෙන බවට සිය හිතවතුන්ට ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත. හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන ද ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. තමා විශ්‍රාම දිවියක් ගත කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ඉදිරියේ දී ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමඟ සම්බන්ධ වීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහයකට ආසන්න පිරිසක් දැනටමත් එම පක්ෂය සමඟ සම්බන්ධවී ඇත. පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නාම යෝජනා බාර ගැනීම පසුගිය 4 වැනිදා ආරම්භ කෙරුණු අතර එය ලබන 11 දක්වා සිදු කෙරේ.
2025 නොවැම්බර් මස 21
327
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
356
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1291
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
චෝදනා ලැබුවන් ඉවත් කළ නොහැකිව අපේක්ෂක ලැයිස්තු අර්බුදයක