(අජිත්ලාල් ශාන්තඋදය)
ඇඹිලිපිටිය නගර සභාවේ යෝධගම කොට්ඨාසයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරගවදින අපේක්‍ෂක ඉන්දික ප‍්‍රසාද් ගුණසිංහ මහතාට අයත් මෝටර් රථයට අද(18) අලූයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතිබවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය කියයි.
ඇඹිලිපිටිය, පනාමුර පාරේ ෆයින්සිටි නිවෙස් පාරේ පිහිටි සිය නිවස ඉදිරිපිට මෙම මෝටර් රථය නවත්වා තිබූ අවස්ථාවේ අලූයම දෙකයි විස්සට පමණ ගිනි ගන්නවා දැක නිවා දැමු බවද ඉන්දික ප‍්‍රසාද් ගුණසිංහ මහතා පොලිසියට පැමිණිලි කර තිබුණි.
භූමිතෙල් පෙඟවූ ගෝනි ටයර්වලට දමා ගිනි තබන්නට ඇතැයි සැකකරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පාර හැමෝටම අභියෝගයක් වෙලා තියෙන්නේ ජ.වි.පෙ. ඒ නිසයි හැම පැත්තෙන්ම හිරිහැර වලට ලක්වෙන්න වෙලා තියෙන්නේ. ජ.වි.පෙ.ට බලය ලැබුනොත් හොරුන්ට යන එන මං නැති වෙන බව දන්නවා. සියළු බාධක මැද නොසැලී ජයග්‍රහණය තෙක් සටන් වදින්න ශක්තිය ලැබේවා.
බෙන්ස්, BMW නෙමෙයි හලෝ, පවු අහිංසක මිනිස්සු...
දේශපාලන පලිගැනීමක් නම් දඩුවම් දිය යුතුයි සොයා බලා, මොකද මෙයාල මේ දවස්වල මිනිසුන්ගේ අනුකම්පාව ගන්නත් මේ වැඩ කරගන්නවා. අපි දන්නේනැතිද මෙයාලගේ විමුක්තිය.
මේකත් ජනතා විමුක්ති පෙරමුණේම වැඩක් කියන්න තරම් එජාපයේ හෝ පොහොට්ටුකාරයෝ පෙළඹුණොත් අප පුදුම වන්නේ නැහැ.
අද හැමෝගෙම පොදු සතුරා වෙලා ඉන්නේ... ජේ.වී.පී එක සාධාරණයි මොකද.. ජේ.වී.පී ශක්තිමත් වුණොත් හැමෝගෙම රෙදි ගලවන බව දන්නවා.
මේ ඡන්දෙදි ජවිපෙට වාසි වගේ නිසා බය වෙලා ගිනි තියලා.
මේක හරි පුදුම ගිනි තැබීමක්. වාහනයකට වැඩිම හානියක් වෙන පරිදි ඉස්සරහින් ගිනි තියන්න හැකියාව තියෙද්දි, වාහනේට හානියක් වුණා කියලා පෙන්නන්න හැකි විදිහට ලේසියට පස්සෙන් ගිනි තියලා. අනික ඇයි වාහනේටම?මේ අවට සීසීටීවී කැමරා තියේ නම් කවුද කියලා ටක්කෙටම අල්ලන්න පුළුවන්...
මෙවර හැමෝගෙම පොදු හතුරා ජ.වි.පෙ. ඒ නිසයි මෙවැනි නින්දිත පලි ගැනීම් කරන්නේ. මේ කිසි දේකින් මෙවර ජ.වි.පෙ. ලබා තිබෙන ජනතා ආකර්ෂණය වැලැක්විය නොහැකියි.
ප්‍රසිද්ධ වෙන්න තනියම ගිනිතියා ගෙන කොහොමත් රක්ෂණය තියන නිසා පාඩුවක් නැහැ. මේ අයට ඡන්දෙ ලැබෙන්නේ නැහැ. හේතුව යමපාලනෙත් ගෙනාවේ මේ අය. දැනටත් එල්ලිලා ඉන්නේ ආණ්ඩුවේ බොරුවට ආණ්ඩුවේ වැරදි පොඩ්ඩක් කියෙව්වට... පාර්ලිමේන්තුවේ පොඩි ඡන්දයක් තියලා බලමුද ආණ්ඩුවට අත් දෙකම උස්සල ඇති ගානට...?
මේ පාර ජවිපයට තමයි රැල්ල තියෙන්නේ. ඒකයි ඇත්තම කතාව.. මෙවර හැමෝගෙම පොදු හතුරා ජ.වි.ප යයි.
මේක ඡවිපෙ අපේක්ෂකයෝම කරපු වැඩක්. ඇත්තටම මේ මැතිවරණෙ තරගෙ තියෙන්නෙ එඡාප, ශ්‍රිලනිප,පොදු ඡනපෙරමුණ අතර. ඡවිපෙ ඉන්නෙ දෙමල මුස්ලිම් පක්ෂවලටත් පස්සෙ. 5%වත් එයිද දන්නෑ. ඒ හින්දා තමන්ගෙම දේවල් නැතිකරගෙන මේවගෙ ඡන්ද වාසි ගන්නවා
ගිණුම් අංකයක් දාන්න රුපියල් 100 ගානේ දාල අපි මේ car එක හදමු...................
අසාධාරණ ක්‍රියාවක්. ඇත්ත නැත්ත පොලිසිය සොයාගනී.