(එස්.ඩි.කොඩිකාර )
එ.ජා.නි.ස.යෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට මෙවර තරඟ වදින අපේක්ෂිකාවකගේ ස්වාමි පුරුෂයාට අයත් බව කියන ජේ.සී.බී. යන්ත්‍රයක් සහ එහි රියදුරු අද (22) අකුරැස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අකුරැස්ස ප්‍රදේශයේ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරමින් සිටියදී ජේ.සී.බී. යන්ත්‍රය සහ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මාතර සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අකුරැස්ස පොලිසිය අකුරැස්ස ගංහැල ප්‍රදේශයේ මාර්ගයක් දෙපස ප්‍රතිසංස්කරණය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ.සී. බී එක නීති විරෝධි වැඩක් කරලා තියන්නේ. ඒක රාජ සන්තක කරන්න.
අපරාදේ මෙයාලට විතරයි පුළුවන් ඔය වගේ කර කරගන්න එකටත් මෙකෝ හරස්වෙනවනේ.
බලෙන් සංවර්ධනය කරලා...