(නිශාන්ත කුමාර)
මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මිනිපේ ප්‍රාදේශීය සභාව සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට එකම පවුලක සහෝදරයින් දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකක් නියෝජනය කරමින් එකිනෙකාට එරෙහිව මැතිවරණ සටනට ඉදිරිපත්ව සිටිති.
මේ දෙදෙනාගෙන් බාල සහෝදරයා වන ජේ එම්. යු. ඩබ්. නිමල් බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂය යටතේ හසලක අංක 7 කොට්ඨාසය සඳහා තරග කරන අතර එම කොට්ටාසයේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයා ලෙස වැඩිමහල් සොයුරා වන ජේ එම්. යු. ඩබ් සිරිල් ජයසිංහ මහතා ඉදිරිපත්වී සිටියි.
බාල සොයුරා වන නිමල් බණ්ඩාර මහතා ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවකයකු වන අතර ඔහු හසලක ගොවි සංවිධානයේ සහ ප්‍රජා ජල ව්‍යාපෘතියේ හිටපු සභාපතිවරයාද වෙයි.
වැඩිමහල් සොයුරු සිරිල් ජයසිංහ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 22ක සේවා කාලයකින් පසු විශ්‍රාම ලැබු මණ්ඩලික සැරයන් වරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් පක්ෂ වෙනස් වුනාට දෙකෙන්ම ඉන්නේ හොරුනේ . එක නිසා ප්‍රශ්නයක් නැහැ...... වෙනසකට වෙනස් වෙමු. මෙවර ජවිපෙට ඡන්දය දෙමු.
මේ පක්‍ෂ දෙකේ නායකයො දෙන්නත් අයියා මල්ලී වගේ තමා. අයියා මල්ලිට යටින් උදව් කරනවා. මල්ලී අයියට යටින් උදව් කරනවා. ලෝකෙට පේන්න බොරුවට කව්ද හොරා කියලා කෑ ගහනවා. මිනිපේ 7 ඇලේ අයියයි මල්ලියි නිකරුනේ මරා ගන්නවා.
කවුරු දින්නත් පවුල ගොඩ....!! හරියට දැන් පාර්ලිමේන්තුවේ ඉන්න රාජපක්ෂ පවුල, ගමගේ පවුල, රණතුංග පවුල, අමුණුගම පවුල වගේ තව එකී නොකී පවුල් පිටින් පාර්ලිමේන්තුවේ සහ සමස්ථ රාජ්‍යයේ සියලු වරදාන වරප්‍රසාද භුක්ති විදින ගමන් දැන් ගමෙත් පවුල් පාලනය බිහි වීම කිසිසේත්ම අනුමත නොකරමි. කවරාකාර මත දැරුවද ඔවුන් නියෝජනය කරන්නේ එක පවුලක් නිසා එය රජයක ස්ථාවරත්වයට සහ ප්‍රතිපත්ති වලට හානිකර විය හැක. මා මේ කියන්නේ එකම පාර්ලිමේන්තුවක හෝ පළාත් සභාවක සිටිනා ඥාතීන් ගැන පමණි.
චන්ද්‍රානි අක්කා, ස්වර්ණා අක්කා ඇතුළු ජ.වි.පෙ. කණ්ඬායම මේ සැරේ මිනිපේ හොඳ සටනක් දෙනවා. මෙදා ජ.වි.පෙ. ඉදිරියෙන්...
කව්රු හරි නායකයෙක් කොන්ට්‍රැක්ට් කරන එක නැවැත්තුවොත් ඔය ඡන්දෙ ඉල්ලලා එන අය එක්කෙනෙක්වත් නැහැ. ටික දෙනෙක් එනවා සැබෑ සමාජ සේවයට... අවුරුදු පහ ඉවර වුණාම බලාගත හැකියි ජනතා සේවය... එ් නිසා මිනිස්සු හරියට කල්පනා කරලා බැලුවොත් ගොඩ... නැත්නම් වලේ තමයි
මොලේ ඇති දෙන්නෙක්... කවුරු දිනුවත් ගොඩ. බොහෝමයක් දේශපාලනය කරන පුද්ගලයින් වගේම ලංකාවේ ව්‍යාපාරිකයනුත් ප්‍රධාන පක්ෂ දෙකටම උදව් කරනවා. හැමදාම කවුරු දිනුවත් ඔවුන් නම් දිනුම්..