( පුත්තලම - ජුඩ් සමන්ත.)
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු නොමැතිව ධාවනය කරන ලද ජීප් රථයක් මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
26 වැනිදා සවස මුන්දලම පොලිස් වසරම් විරුතෝඩේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
කල්පිටිය ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ රුව සහිත ප්‍රචාරක දැන්වීම් වලින් මෙම ජීප් රථය සකස් කර තිබුණි.ජීප් රථය පැදවූ රියදුරුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සහ ජීප් රථය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ නීති අකුරට ක්‍රියාත්මක කරන නිලධාරීන් මේ රට හදන්න උදව් වෙනවා