කොවිඩ් මරණ 74ක් කොවිඩ් ආසාදිතවූ තවත් 74දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 August 2021
කොරෝනා ආසාදිතයන් 1406ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,406 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 August 2021
අලුත්ගම තුන්මස් දැරියක ඇතුළු 61කට කොරෝනා අළුත්ගම පොලිස් වසමේ පාදාගොඩ ප්‍රදේශයේදී පස්වරුවේ සිදුකළ ක්ෂණික ප්‍රති දේහ පරීක්ෂාවකින් මාස තුනක බිළිඳකු , ගැබිණි මවක් ඇතුළු පුද්ගලයන් 61ක් දෙනකු කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් බව බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පවසයි. 03 August 2021
පැය 24 කදී මහනුවරින් ආසාදිතයින් 243 ක් මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (02) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 243 ක් වාර්තාවිමත් සමග 17,182 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 03 August 2021
කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට කොරෝනා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් එහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් හය දෙනකු නිරෝධායනය සදහා යොමු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 03 August 2021
මඩුගස්තලාවේ 43 කට කොවිඩ් කොස්ලන්ද ගම්පහ වසමේ මඩුගස් තලාවේ පුද්ගලයින් 78 දෙනෙකු සම්බන්ධයෙන් කළ පී.සී ආර් පරීක්ෂණ වලින් හතළිස් තුන් දෙනෙකු කෝවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගත් බව කොස්ලන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් පිරිස් මහතා පැවසීය. 03 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 817 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (3) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 817 දෙනෙකු හමුව ඇති බවත් ඉන්134 දෙනෙකු වන වැඩිම පිරිස බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 03 August 2021
මාතලෙන් ආසාදිතයන් 319ක් වාර්තා වෙයි මාතලේ දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් ආසාදිතයන් 319 ඉකුත් පැය වාර්තා වන බව බව මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 03 August 2021
රට රටවල කොරෝනා අගෝස්තු 1 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 03 August 2021
තුන්වන රැල්ලෙන් පොලොන්නරුවේ ආසාදිතයන 3205ක් තුන්වන රැල්ලේ කොරෝනා ආසාදිතයන් 3.205 දෙනකු මේ වනවිට හමුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා ප්‍රකාශ කරයි.ඒ අතුරින් පාසල් ළමුන් 128 දෙනකු සිටින බවද ඒ මහතා කීය. 03 August 2021
කොවිඩ් මරණ තවත් 63ක් කොවිඩ් ආසාදිතවූ තවත් 63දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,680ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,680 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 02 August 2021
රාගම නගරයේ මැරී වැටුණු දෙදරු පියාට කොරෝනා කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු රාගම නගර මධ්‍යයේ මැරි වැටි ඇතැයි රාගම පොලිසිය පවසයි. 02 August 2021
ගම්පහින් ආසාදිතයන් පැය 24ට 1037ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව අද (2) උදෑසන වනවිට 67,477 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1037 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 02 August 2021
පිළියන්දල තැපැල් ස්ථානාධිපති ඇතුළු 20 කට කොරෝනා පිලියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් විසි දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 02 August 2021
පානදුර නගරයෙන් ආසාදිතයන් 12ක් පානදුර නගරයේ ජනප්‍රිය මාවත සහ මාකට් පෙදෙස වෙළඳසල් සහ වෙළඳ කුටි සේවකයන් 60 කට අධික සංඛ්‍යාවකගේ ඇන්ටිජන් පරීක්ෂාවෙන් 12 දෙනකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි පානදුර සෞඛ්‍ය අංශ පවසයි පවසයි. 01 August 2021
ළිඳුලේ තේ කර්මාන්ත ශාලාවක කොරෝනා පොකුරක් තලවකැලේ තේ පර්යේෂණායතනය හා ඊට සම්බන්ධ සෙන්කුම්බුස් වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 47 හඳුනාගත් බව ළිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 01 August 2021
පයාගල මල්වර උත්සවයකට ආ 85කට කොරෝනා පයාගල ගොරකාදෙණිය ප්‍රදේශයේ මල්වර උත්සවයකට සහභාගී වූ හම ගමිමනෙටයි 85 දෙනකුට කොරෝනා ආසාදානය වී ඇතැයි බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. 01 August 2021
ගලෙන්බිඳුණුවැව තවත් කොරෝනා පොකුරක් ගලෙන්බිදුනුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පහළ දික්වැව ගම්මානයේ පුද්ගලයන් 52කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා එම ගම්මානය හුදකලා කළ බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු පවසති. 01 August 2021
නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසා දමයි කෝවිඩ් වයිරසය ආසාධනය වු නිලධාරින් සිය කාර්යාලයෙන් වාර්තා වීමත් සමග නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසා දැමීමට පියවර ගත් බව ප්‍රාදේශිය ලේකම් චින්තක ඉලංග සිංහ මහතා පවසයි. 01 August 2021
හබරාදූව ආසාදිතයන් නිවෙස්වලම දකුණු පළාතේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කොරෝනා ආසාදිතයින්ගෙන් පිරීයෑම නිසා හබරාදුව සහ අහංගම යන ප්‍රදේශවල කොරෝනා ආසාදිතයින් 70 ක් පමණ පිරිසක් මේවන විට තම නිවෙස්වලම සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. 01 August 2021
ගම්පහින් ආසාදිතයන් පැය 24ට 1000 පනී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයින් 1242 වාර්තාවන බව බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 01 August 2021
බියගමින් කොරෝනා පොකුරු කීපයක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිිටාසයේ ගෝනවල, කඩවත,හෙයියන්තුඩුව යන ප්‍රදේශවල ඉකුත් 29 දා පැවති විවාහ උත්සව තුනකින් මනාල යුවළ තුන ඇතුළු 35කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පවසයි. 01 August 2021
කොවිඩ් මරණ 61ක් කොවිඩ් ආසාදිතවූ තවත් 61 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය. 31 July 2021
කොරෝනා ආසාදිතයන් 2150ක් වාර්තා වෙයි. කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2150 දෙනකු අද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 31 July 2021
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 865ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (31) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 865 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 31 July 2021
කොවිඩ් මරණ 56ක් කොවිඩ් ආසාදිතවූ තවත් 56 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 30 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,635ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,635 දෙනකු අද (30) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 30 July 2021
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 868ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 868 දෙනෙකු හමුව ඇති බවත් මින් 90 දෙනෙකු බැගින් වන වැඩිම පිරිසක් බියගම සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 30 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 2,329ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2,329 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 29 July 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026