(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද ගම්පහ වසමේ මඩුගස් තලාවේ පුද්ගලයින් 78 දෙනෙකු සම්බන්ධයෙන් කළ පී.සී ආර් පරීක්ෂණ වලින් හතළිස් තුන් දෙනෙකු කෝවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගත් බව කොස්ලන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් පිරිස් මහතා පැවසීය.
මේ හේතුව නිසා මෙම ග්‍රාම නිලධාරි වසමේ හාරසිය දෙනකු ගේ පී සී ආර් පරීක්ෂණ අද දින සිදු කළ බවද ඒ මහතා පැවැසීය.
මීට පෙර මෙම ගම්මානය ආසන්න දිවුල්ගස්මුල්ල අවමංගල්‍ය උත්සවයක පොකුරින් මෙම පුද්ගලයින්ට කෝවිඩ් ආසාදනය වන්නට ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය සැක පළ කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.