(තුසිත කුමාර ද සිල්වා)
අළුත්ගම පොලිස් වසමේ පාදාගොඩ ප්‍රදේශයේදී පස්වරුවේ සිදුකළ ක්ෂණික ප්‍රති දේහ පරීක්ෂාවකින් මාස තුනක බිළිඳකු , ගැබිණි මවක් ඇතුළු පුද්ගලයන් 61ක් දෙනකු කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් බව බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පවසයි.
මෙලෙස හඳුනා ගත් රෝගීන් පාදාගොඩ, පිංහේන , ඔලිඳ වත්ත සහ කළුවාමෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සිය නිවාස තුළ ප්‍රතිකාර සඳහා යොමු කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd