(කාංචන කුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් ආසාදිතයන් 319 ඉකුත් පැය වාර්තා වන බව බව මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
රත්තොට සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 97 ක් ද උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් 60 දෙනකු ද යටවත්ත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් පුද්ගලයන් 38 දෙනකු දඹුල්ල මහ නගර සභාව සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුද්ගලයන් 40 දෙනකු ද වාර්තා වී ඇතැයි මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කොට තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වයිරසය ආසාදිත වූ සමස්ත පුද්ගලයන් ගණන 5984 වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 124 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.