(සුජිත් හේවාජුලිගේ)

"රණවිරු ස්මාරකය  අසල සිද්ධියට  දැනගන්න තියෙන විදියට ඒගොල්ලන් අපි අත්අඩංගුවට ගනීවි" යැයි  හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

'පොලිසිය අපිට සඳුද එන්න කියලා තියෙනවා.එදාට අපි යනවා " යයිද ඔහු සඳහන් කළේය

රාජකාරියට බාධා කිරීමක් කළා  නම් ඒ අවස්ථාවේදි  අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බව හෙතෙම  ප්‍රකාශ කළේය.

වීරවංශ මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.