
(සුජිත් හේවාජුලිගේ)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජාතික පාසල් 150 කට හා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ හතක දේපළවලට රුපියල් කෝටි 227 ක පාඩුවක් සිදුව ඇතැයි අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශය ඇස්තමේන්තු කර ඇත.
එහෙත් මේ විස්තර මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනා ගැනීම හෝ අනාවරණය කිරීම කර නොතිබුණ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වැඩිම පාසල් ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත්තේ උඩරට ප්රදේශවලය. සමහර පාසල් අලුතින්ම පිහිටුවීමට සිදුව ඇති බව වාර්තාවේ.
දිවයිනේ පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු විද්‍යාල ආදියෙහි යටිතල පහසුකම් සංවර්ධනයට සකස් කෙරුණු සැලැස්ම අනුව ඉදිකිරීම් 41ක් වෙනුවෙන් රුපියල් කෝටි 843ක මුදලක් වෙන් කර තිබූ බවත් එම ක්‍රියාකාරකම් තුළින් වර්ෂය තුළදී ළඟා කරගත් ප්‍රගතිය ඉටු නොකළ ක්‍රියාකාරකම් දහයක් හා භෞතික ප්‍රගතිය පනහට අඩු ක්‍රියාකාරකම් 10ක් වශයෙන් පැවතුණ බව වාර්තාව කියයි.
මේ අතර ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් කෝටි අටකට වැඩි වියදමකින් මිලදී ගැන තිබූ ලැප්ටොප් පරිගණක තුන්සිය විසිඅටක් නඩු කටයුත්තක් හේතුවෙන් 2023 වර්ෂයේ ඒවා බාරගත් දින සිට අවුරුදු දෙකක් මධ්‍යම ගබඩාව තුළ ගබඩා කර තිබී ඇති බව විගණන වාර්තාව සඳහන් කරයි. එසේම ඒවා මූල්‍ය ප්‍රකාශන තුළ අනාවරණය කර නොතිබුණු බවද එහි දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd