(කාංචන කුමාර ආරියදාස)
පවතින වියලි කාලගුණික තත්ත්වය උපයෝගී කරගෙන බෝවතැන්න ජලාශයේ පිරී ඇති රොන් මඩ ජලජ ශාඛ ඉවත් කිරීම දිවා රෑ නොබලා මේ දිනවල ලහි ලහියේ සිදු කරයි.
බෝවතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා ඇතුළු ඉංජිනේරු කණ්ඩායමේ යෝජනාවක් අනුව මහවැලි ව්‍යාපාරයේ සේවක ශ්‍රමය යන්ත්‍ර සූත්‍ර යොදාගෙන පවතින එල්ලිනෝ තත්ත්වය උපයෝගී කරගෙන කඩිනම් වැඩපිළිවෙළක් ලෙස මෙය ආරම්භ කිරීම විශේෂත්වයකි.
බෝවතැන්න ජලාශය රජරට හදවත බඳු වූ ස්ථානයකි.එනම් කණ්ඩලමල ඉබ්බන්කටුවල කලාවැව ද්රරෝණියට ජලය සපයන ජල මූලාශ්‍රය බෝවතැන්න ජලාශයයි.
ජලාශය ඉදිකොට වසර පනහක සිට මේ දක්වා ජලාශයේ රොන්මඩ මීටර් හය හතක් සම්පූර්ණයෙන්ම පිරී ඇතැයි බෝතැන්න ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා පැවසීය.
බෝතැන්න ජලාශයේ උමං මාර්ගය හරහා රජරට ප්‍රදේශයට ජලය රැගෙන යෑම සිදුකරන ස්ථානය මේ වන විටත් මීටර් හයක් පමණ රොන්මඩ ඉවත් කොට ඇති අතර තවත් මීටරයක් පමණ එම ස්ථානයේ රොන්මඩ වලින් පිරී ඇති බව ඉංජිනේරුවරයා සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් වැඩක් . මින් මතුව ජලාශවල ජලය මුහුදට ගලායන එක අවම වනු ඇත . කෘෂිකර්මාන්තය සදහා බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. සෑම පළාතකම වැව් පොකුණු ඇල දොළ ගංගා ඔයවල් ආදී සියලූම ජලාශවල කැනීම්ද වහා වර්ෂාවට ප්‍රථම අනිවාර්යයෙන්ම කළයුතු දෙයක් . රජයට සෑම ප්‍රදේශයකම එලෙස කැනීම් කටයුතු කිරීමට අපහසු වන නිසාත් කාලය. ගතවන නිසාත් ඇල දොළ ආස්‍රිත ඉඩම් හිමියන්ටම කුණු රොඩු රොන්මඩ වැලි ගොඩදමා පිරිසිදු කිරීමේ කටයුතු පැවරීමෙන් ලොකු වැස්සකට පෙර සූදානම් වී විශාල ජල ප්‍රමාණයක් මුහුදට ගලා යාමට ඉඩ නොදී ඉතිරි කර ගත හැකියි. ස්තූතියි . ලංකා මාතාවට ජයවේවා .