
(අංජුල මහික වීරරත්න)
සෑම රෝහලකම මාසයකට වරක්වත් ඖෂධ සමාලෝචන රුස්වීම් පැවැත්විය යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
එමගින් ප්‍රධාන ඖෂධවේදියාට රෝහලේ පවතින ඖෂධ පිළිබඳ සියලු විස්තර ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙනවා සේම රෝහල් අධ්යක්ෂවරයා ඇතුලු පාලන අධිකාරිය සමග සම්බන්ධ වී ඖෂධවල යම් හිඟතාවයක් ඇතිවීමට කලින් එය හදුනා ගෙන ඊට නිසි පිළියම් යෙදීමට මෙන්ම ප්‍රාදේශීය මිලදී ගැනීම් හෝ සිදුකර රෝහලේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට හැකිවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ සහ මාතර දිස්ත්‍රික් නව මහ රෝහල් ද්විත්වයේ විධිමත්, කාර්යක්ෂම රෝගී ප්‍රතිකාර හා සත්කාර සේවාවක් පවත්වාගෙන යාමට මතුවී ඇති ප්‍රායෝගික ගැටලුවලට විසදුම් ලබා දීම වෙනුවෙන් එම රෝහල්වල සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවෙන් පසුව පැවති සාකච්ඡාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd