(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

යුද ජයග්‍රහණය සඳහා දේශපාලන නායකත්වය ලබාදුන් මහින්ද රාජපක්ෂ  මහතාට විශේෂ ගරුත්වයක් පුද කරන බව විපක්ෂ නායක පජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම යුද හමුදාපති ලෙස නායකත්වය ලබාදුන් සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයට අපේ විශේෂ ගරුත්වය පුද කරන බවද ප්‍රේමදාස මහතා කීය.

"ජීවිත දන් දී රට බේරා ගැනීමට කටයුතු කළ රණවිරුවන්ට අපගේ ගෞරවනීය උත්තමාචාරය පුද කරනවා.යුද්ධයෙන් මාපියන් අහිමිවූ දරුවන් මේ වන විට තරුණ වියට එළඹ තිබුණත් ඔවුන්ගේ වේදනාව දරා ගැනීමට නොහැකි කම්පනය අපට තේරෙනවා.මටත් මගේ පියා අහිමිවුනේ ත්‍රස්තවාදී යුද්ධය නිසයි.රණවිරු පවුල්වල අදටත් වේදනාවකින් පෙළෙන පවුල් පිළිබඳව ඔවුන්ගේ හැඟීම් අපට අවබෝධ වෙනවා.ඒ සැමට අපගේ සාතිශය  සංවේගය පුද කරන්න කැමතියි යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.