අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පුද්ගලයන්ගේ හැඩරුව ඇතුළු විස්තර අනුව සැකසුණු චිත‍්‍ර මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කිරීමට පොලිසිය ක‍්‍රියා කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මෙනවියට අද දැනුම් දුන්නේය.
මීට අමතරව නීතිපතිගෙන් උපදෙස් ගැනීමට පොලිස්පති ක‍්‍රියාකරනු ඇතැයිද තිලකරත්න මහතාගේ කාරයේ තිබූ ඇඟිලි සලකුණු ඔස්සේද ඔහුගේ දුරකතනයේ තොරතුරු ඔස්සේද පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
ප‍්‍රහාරය සිදුවන්නට මොහොතකට පෙර තිලකරත්න මහතාට දුරකථන ඇමතුමක් දුන් මහේස්ත‍්‍රාත්ගෙන්ද ඔහු සමග ගමන් කළ ඔහුගේ බිරියගෙන්ද කටඋත්තර ගත් බව පොලිසිය උසාවියට කියා සිටියේය.
ගල්කිස්ස උසාවියේ සියලූම නීතිඥවරු ඔහු වෙනුවෙන් පෙනී සිටියහ. මීට කලින් ඔහුට එල්ලවූ තර්ජන ගැන පොලිසිය සොයා බැලූවේද යන්න ගැන සහ ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ. ලබන 12 වැනිදාට නිසි ප‍්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ (ස)
ඇත්තටම හොඳයි . ඒත් කටුගේ කැඩුව කෙනා කියලා ඇදපු චිත්‍ර හිටියෙනම් අල්ලපු කෙනා නෙමෙයි (ස)
ශා චිත්‍ර අදින්නත් පුරුදු වෙනවා .නියමයි නේ (ස)
කලින් වතාවේ කටුගෙයි හොරාගේ චිත්‍රය වගේද දන්නේ නෑ . ඇන්දේ එක චිත්‍රයක් ඒත් ඇල්ලුවේ වෙනස්ම කිහිපදෙනෙක් (ස)
අර කටුගෙයි හොරාගේ චිත්‍රය වගේ එකක්ද අදින්න යන්නේ? (ස)
ඒ උපදෙස් එනකොට අවුරුද්දක් විතර යයි ..(ස)
".....ප‍්‍රහාරය සිදුවන්නට මොහොතකට පෙර තිලකරත්න මහතාට දුරකථන ඇමතුමක් දුන් මහේස්ත‍්‍රාත්ගෙන්ද ඔහු සමග ගමන් කළ ඔහුගේ බිරියගෙන්ද කටඋත්තර ගත් බව පොලිසිය උසාවියට කියා සිටියේය......" මේ වැඩේට ඕඩර් දීපු අය පැත්තක ඉඳිද්දී මෙතුමා පත්තර ගත්ත කඩේ අයගෙන්, කාර් එකට පැට්‍රොල් ගහපු අයගෙන්, ගෙදරට බඩු ගන්න කඩේ අයගෙන් කට උත්තර ගත්තේ නැත්තේ ඇයි? මෙහෙමත් විහිලු.(ස)
මෙවන් අපරාධ නැවත නොවේවා (දී)
මෙගා ටෙලිනාට්‍යයක් පටන් ගන්න වගේ යන්නේ (ස)
පහරදීමට සම්බන්ධ අය හැමදාම වගේ මාධ්‍යවල පලවෙනවා (ස)
පරිගනකයෙන්ද අදින්නේ
ඔය අදින්නේ චිත්‍ර. (ස)
මෙන්න තවත් වැඩක ආරම්භයක්. (නි)
මේවත් මවාපාන චිත්‍රද දන්නේ නෑ (ස)
ගාමිණී කුවේට් හරි. දැන් පොලිසියට බැනලා අල්ලපු දාට යයි කිරිබත් උස්සන්. හැබැයි ඉතින් අල්ලන්න ඉඩ දෙයිද කියන්න නම් බෑ.....(නු)
මේ වගේ හින්දි චිත්‍රපටයකුත් තිබ්බා (ස)
අපේ පොලිසියෙ අයගෙ බඩ ඔච්චර ලොකු ඈයි?(ස)
මේ පාර ඇඳපු චිත්‍රේ උසේන් බෝල්ට්ගේ මුණ තියෙයිද දන්නේ නෑ ?(ස)
මේ වගේ ඇත්ත වසන් කරන දේල් නිසා අපේ රටට කවදාවත් සෙතක් වෙන්නේ නෑ (ස)
මේකත් ඉස්සෙල්ලා ෆොටෝ එක වගේ වේවිද දන්නේ නෑ (ස)
ඕවා නිකං මිනිස්සු හිනස්සන වැඩ.......(ස)
කටුගෙයි හොරකමට ටයිගර් වුඩ්ස්ගේ පින්තූරයක් පලකලා දුටුතැන අල්ලන්න කියලා. අන්තිමට ඇල්ලුවේ කොයි විදියකටවත් ඒ රූපෙට සමානකමක් නැති මිනිස්සු වගයක් . මේ සිදුවීමට සැක හිතෙන අයගේ රූප නම් ඕන තරම් ඇති ඇඳපුවා. (ස)
ඕක බොරුවක් නේද. කටුගෙයි හොරු චිත්‍රයෙන්ද ඇල්ලුවේ . චිත්‍ර අදින කෙනා ඒ මිනිස්සුන්ව දැක්කනම් කමක් නෑ , ඇදපුවාවේ (ස)
ඊයේ ෂර්ලොක් හෝම්ස් කතාකරනවා නිව්ස් වලට පෙන්නුවා. මේක 'සිදුකරගත්' ආකාරය බලා හිටියා වගේ කීවා. දැන් තියෙන්නේ අදාළ රටවල්වල වගකිව යුත්තන්ට පොලීසියට ඇවිත් කටඋත්තර දෙන්න කියලා තානාපති වරුන් මගින් දැනුම් දෙන්න විතරයි. (ස)
මෙගා ටෙලි නාට්‍යක දෙවෙනි කොයස තමයි මේ (ස)
පොලිසියෙනුත් දැන් චිත්‍ර ප්‍රදර්ශන තියෙනවද ? (ස)
කාගෙ වගේද දන්නෙ නැහැ හැඩ රුව ආවේ..!(නු)
ලුම්බිණි කියන කතාව ඇත්ත.අන්තිමට ඔබාමා මේකට මාට්ටු වේවි (ස)
චිත්ර ඇඳට වැඩක් නැහැ. ඒ මහතාට දැන් අමතක වෙලා ඇති.(ස)
අන්දරේලා වේදිකා නට්‍ය දැන් පෙන්වනවා (ස)
නියම හොරු හතරක්.(නදී)
කෝ තාම දැම්මේ නෑනේ පින්තූරය (ස)
ඇත්තටම මටත් තියෙන ප්‍රශ්නය තමයි පොලිසියේ ලොක්කෝ බොහොමයක් බඩ මහත උදවිය (නි)
මේ පාර ටයිගර් වූඩ් ගේ පින්තුරය බාවිතා නොකර ක්‍රිස් ගේල් ගේ පින්තුරය බාවිතා කරන්න(ස)
අවසානෙට කුඩු කාරයෙක් අල්ලගනීවි (ස)
කහවත්තෙ ඝාතකයන්ගේ සුලමුල සම්පූර්ණයෙන්ම සොයා ගැනීමට පෙර ලංකාදීප පත්‍රයට අදහස් ලියා එවපු අය කොතරම් දොස් කීවාද, පොලීසියට. අද බලන්න ගම්වැසියන් පොලීසියට ස්තූති කරන අතර ඔවුන්ගේ කැපවීම අගය කරනවා. ඒ වගේම අපේ දක්ෂ නිලධාරීන් මෙම සිද්ධියේත් සුලමුල සම්පූර්ණයෙන්ම සොයාගනීවි , හැකි ඉක්මනින්. ඒවාට අපි අපේ සහයෝගය දියයුතුයි. ඔවුන්ගේ වැඩකටයුතු හා පරීක්ෂණ කරන ආකාරය හෑල්ලුවට පත්නොකළ යුතුයි. සමච්චල් සහගතව අදහස් පළකළ යුතුයි. පොලීසිය දිරිමත් කළයුතුයි. (නි)
ෂා.......මෙන්න වැඩ මේවාට තමයි මාර වැඩ කියන්නේ (ස)
මේවා බොරු වැඩ නේ . (ස)
මෝහණය කලොත් අල්ලන්න පුළුවන් (ස)
ලුම්බිණිට මමත් එකගයි. (නි)