(යොහාන් භාසුර)

වෙසක් සහ හජ්ජි උත්සව වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් සළසමින් මෙම මස 28 සහ 30 යන දෙදින වෙන්කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේනතුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසීය.

මෙම මස 28 සහ 30 දෙදින තුළ බන්ධනාගාරගත රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ රසකැවිලි  එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි දීමට අවස්ථාව සළසන බවත් සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතී අනුව අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනවල ක්‍රියාත්මක කරන බවත් ගජනායක මහතා කීය