
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදු වීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කරයි.
මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනී අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග මේ සම්බන්ධ සාකච්ඡාවක් ජුනි 5 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.
සමාජ ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිදුවීමට අමතරව, ළමයින් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට අවශ්‍ය නීති සහ ආයතන බල ගැන්වීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අතර, අනුරාධපුර දැරියට අදාළ සිදුවීමෙහි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම මෙන්ම කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට රටේ සිදු කළ යුතු ආයතනික සහ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ පත් කරනු ලබන අනු කමිටුවක් මගින් කටයුතු කිරීමටද තීරණය කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිවරියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලි ගුණසිංහ, නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මීන්ගේ මුලිකත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස, හේමාලි වීරසේකර, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ,නීතිඥ සාගරිකා අතාවුද , නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ , නීතිඥ තුෂාරි ජයසිංහ ,නීතිඥ අනුෂ්කා තිලකරත්න , නීතිඥ හසාරා ලියනගේ ,නීතිඥ හිරුනි විජේසිංහ සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මීන් කටයුතු කරනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් පහුවෙලාම, නැකතකුත් බලලම වැඩ පටන්ගත්තනම් නේද හොඳ.
ලෝකයේ බොහෝ රටවල අවුරුද් 17කට අඩුවෙන් වන දැරියක් /දරුවෙක් කිසියම් අපයෝජනයක් ගැන ප්‍රකාශයක් පොලිසියට දුන්නොත් ඒ අවස්ථාවේම ,චුදිතයා අත්අඩංගුවට ගන්නවා. පල්ලේ ගම ,තමුසේ කන්නේ රටේ පන්සලට තිබුණු ගවුරවය -තමුසේ ඔය තනතුරු වලින් අස්වෙනවා ,අඩුම ගානේ ප්‍රශ්නේ ඉවර වෙනකල් .........තමුන්ට ඒ තරම් විශ්වාසයක් තියෙනවා නම් තමුන් නිවැරදි කියල . චීවරයට තියෙන ගවුරවය නැතිකරන ,තමුනුත් සිවුර රැකියාවක් කරගත්තු හොර ශ්‍රමණයෙක්.
ප්‍රමාද වැඩි...චීවරය බලවත්. වූවාට ජනමතය වඩා වැදගත් නේද?
බාල වයස් දැරියන් අපයෝජනය කරන චීවර ධාරින්ට වදින මෝඩයා ලංකාවෙ ඉන්නවද?
පරක්කුවෙලා හරි ඇස් කන් ඇරුනු එක ලොකු දෙයක්. රටේ බුද්ධිමත් ජනතාව ඉහත සිද්ධිය හමුවේ නගන හඩ බලා ඉන්න බැරුව ආවාද මන්දා.
ලෝකේ පළමු අගමැතිණියටවත් කරගන්න බැරි වුණ දෙයක් ඔබතුමියලා එකතු වෙලා කරලා පෙන්නන්න: ලංකාවේ කාන්තාවන්ට, අඩන් තේට්ටම් වලින් තොර සමානාත්මතාවය ගරු කරන, අනාගතයක් උදා කරලා දෙන්න.
අපරාදේ ඔබතුමියන් ඉක්මන් උනා වැඩිද මන්දා? තව පොඩ්ඩක් නිහඬව ඉන්න තිබුණානේ.