
(අංජුල මහික වීරරත්න)
වෛද්‍යවරුන් හෙට (2) පවත්වන බව කියන වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිදු සහභාගීත්වයක් නැතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය.
විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් සැලසුම් කර තිබෙන සේවා ව්‍යවස්ථාවට විරුද්ධව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය කෙරෙන බැවින් ඊට කිසිම සහයක් නොදෙන බවද අශෝක ගුණරත්න මහතා කීය.
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා සේවා ව්‍යවස්ථාවක් හදන ලෙස ඉල්ලමින් වර්තමානයේ රටේ සිටින විශේෂඥ වෛද්‍යවරුන් 2300කින් 2060කට ආසන්න ප්‍රමාණයක් අත්සන් කර රජයට සංදේශයක් බාර දුන් බව කී විශේෂඥ වෛද්‍ය ගුණරත්න මහතා ශේෂඥ වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද හමුවී විසඳුම් ඉල්ලා සිටි අතර රජය පැත්තෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බව සඳහන් කළේය.
රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිම සාමාජිකයෙක් වර්ජනයට සහභාගී නොවන බවද අශෝක ගුණරත්න මහතා කීය.
විශේෂඥ වෛද්‍යවරුන් මෙතෙක් කළ සියලු සේවාවන් සහ කාර්යයන් ඒ විදිහටම හෙට (2) දිනයේ සිදු කෙරෙන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd