(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සදහා අද (25) දින තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු‍ මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත් අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි .

ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපති වන පහල වලව්වේ සෙනෙරත් බණ්ඩාර කොහොන විසින් තලංගම පොලිසියට සිදුකල පැමිණිල්ලක් අනුව සිදු කරන විමර්ශණයකට අදාලව මෙලෙස අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.