(ටී.කේ.ජී.කපිල )

රුපියල් පනස් පන් ලක්ෂ විසි නව දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ විදේශීය ගුවන් මගියෙකු අද(10 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සේවයේ නිරත වී සිටි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 45 හැවිරිදි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතියක සේවයේ නිරත ඉංජිනේරුවරයෙකි .

ඔහු අද  අලුයම 04.24 ට සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ , ඉරානයේ අභ්‍යන්තර පාවිච්චිය සදහා නිෂ්පාදනය කර ඇති " බහ්මාන් " ( Bahman ) වර්ගයේ දුම්වැටි 36,860 ක් සඟවා  තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .