(සුජිත් හේවාජුලිගේ)
මීළඟ විගණකාධිපතිවරයා තෝරා ගැනීම සඳහා අද පැවැත්වීමට නියමිතව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම ලබන අඟහරුවාදා දක්වා කල් දමා ඇතැයි වාර්තාවේ.
මීළඟ විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා එම දෙපාර්තමේන්තුවේ වෙනත් නිලධාරිනියකගේ නමක්ද යෝජනා කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
එම නම මීට පෙර අවස්ථාවකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත්ව තිබූ නමුදු විවිධ දූෂණ චෝදනා හේතුවෙන් ඒ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කෙරුණු බව දැනගන්නට ඇත.
වාර්තාවන අන්දමට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ ජ්‍යෙෂ්ඨ විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාය. ඔහුගේ එහි අඛණ්ඩ සේවා කාලය වසර තිස් එකකි.
ගම්මන්පිල මහතා විගණකාධිපති ධුරයට පත් කරන ලෙස මහ නායක ස්වාමීන් වහන්සේලා විද්වතුන් සමාජ ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන ඇතුළු පිරිස් පසුගිය කාලය පුරා ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd