
(රෝෂන් තුෂාර)
රුපියල් ලක්ෂ දහයකට මිලදී ගත් ඉඩම වසර හයකට පසුව වැලිගම ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 94 කට අලෙවි කිරීම ඇතුළු දූෂණ ක්‍රියා හතරක් සිදු කරමින් රජයට රුපියල් ලක්ෂ 396 කට අධික පාඩුවක් කළේ යැයි කියන වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලබන 02 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (19) නියෝග කළේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, සර්ව ජන බලය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුඩැල්ල පාර කඹුරුගමුවේ පදිංචි දයා පුෂ්ප කුමාර බැට්ටගේ සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම කියා සිටියේ තමන් සතු පුද්ගලික ඉඩම් ප්‍රාදේශීය සභාවට විකුණා මුදල් ලැබීම සහ ප්‍රාදේශීය සභාව සතු ඉඩම් හුවමාරු කර ගැනීම ඇතුළු දූෂණ චෝදනා හතරක් යටතේ විමර්ශන සිදූ කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමේ ව්‍යාපෘතියක් නිසි අනුමැතියකින් තොරව ව්‍යාපෘතියක් ආරම්භ කරමින් රුපියල් 260 25650.00 අභ්‍යාස පොත් මිලදී ගෙන අදාළ ව්‍යාපෘතිය අතරමඟ නතර කර දැමීම කර ඇති සැකකරු මිලදී ගත් අභ්‍යාස පොත් හතළිස් දහසකට වැඩිය තවමත් පරාදේශීය සභාවේ තිබෙන බවද පැවසීය. ඉඩම් කොටස්කර විකුණන පුද්ගලික ආයතනයක් විසින් ප්‍රාදේශීය සභාවට වෙන්කර තිබූ පර්චස් 202 ඉඩමක් රුපියල් ලක්ෂ 2 ක් වැනි අඩු මුදලකට සිය ඥාතිවරයෙකුට පවරමින් ප්‍රාදේශීය සභාවට පාඩුවක් සිදු කිරීම, සැකකාර ප්‍රාදේශීය සභාපතිවරයාට හිමි ඉඩමක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ප්‍රාදේශීය සභාවට අත්පත් කර ගැනීමට කටයුතු සලස්වා රුපියල් ලක්ෂ 94 ක මුදලක් ලබා ගැනීම සහ රජයට අයත් ඉඩමක් ප්‍රාදේශීය සභාවට අත්පත් කර ගැනීම සඳහා කටයුතු කරමින් අදාල ඉඩමේ දීමනාපත්‍ර හිමිකරුට රුපියල් ලක්ෂ 40ක් ගෙවා එම ඉඩම ප්‍රාදේශීය සභාවට අත්පත් කර නොගැනීම තුළින් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව විමර්ශන සිදු කරන බවද පැවසීය.
සැකකරු විසින් ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරියට අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීම පදනම් කරගෙන තර්ජනය කර ඇති බවද පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවා දායකයා දැනට මන්ත්‍රීවරයකු පමණක් වන බැවින් සාක්ෂි සඳහා බලපෑම් කළ නොහැකි බවය. සුදුසු කොන්දේසියක් යටතේ ඇප ප්රදානය කරන ලෙසද ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් නොමැති බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. විමර්ශනයට අදාළව ප්‍රාදේශීය සභාවේ ඇති සියලු ලේඛන අල්ලස් කොමිසම බාරයට ගෙන සියලු සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසටද ,විමර්ශන ප්‍රගතිය 02 දිනට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නයාගෙ ගෝලයන්ගෙ වැඩ , චෝදනා ඔප්පු වුනොත් උපරිම දඩුවම දිය යුතුයි
සර්වජන කියන්නේ SLPPම තමයි. සභාපතිවෙලා හිටියේ මොන පක්ෂෙන්ද කියල ඊලඟ නිව්ස් එකේදි ලියන්න.