(පද්මසිරි ගාර්දියවසම් සහ එම් කේ නන්දසේන) 

කතරගම බුත්තල මාර්ගයේදී වන අලියෙකු පහරදීමෙන් විදේශීය සංචාරක කාන්තාවකගේ දකුණු අතට තුවාල සිදුවී ඇතැයි පොලිසිය පවසයි .

ඊයේ (10) සවස 05.45 ට පමණ මෙම කාන්තාව කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇත.

වන අලියා පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ අරියානා නමැති අවුරුදු 45 ක් පමණ වයසැති රුසියානු ජාතික කාන්තාවකි.