රටක ඉතිහාසය විනාඩි අනූවකින් සපුරා පැවසිය හැකිද?
‘‘බෑ’’ ඔබ නියතවම පවසනු ඇත.
ඒ විජය කුවේණි පේ‍්‍රමකතාවේ පටන් යුග ගණනාවක් පුරා අපේ ඉතිහාස කතාව ලියැවී තිබෙන නිසාය. යුගයෙන් යුගය විවිධ ගැටුම්වලට අප මුහුණ දී තිබෙන නිසාය.
එහෙත් තායිලන්තය හෙවත් සියමට තම ඉතිහාස කතාව විනාඩි අනූවකින් පැවසිය හැකි බව කියති. එනිසාම තායිලන්තයට ගොඩබහින සියළු සංචාරකයන් පළමුවෙන්ම මේ ඉතිහාස කතාව දැනගනු පිණිස ලෝකයේ උසම වේදිකාව සහිත රංගශාලාවට කැඳවාගෙන යායුතු බව සවාරි ට‍්‍රැවල්ස් සංචාරක ආයතනයේ නිර්මාතෘ නාලක එන්. කරුණාකලගේ කියයි.
ඉකුත්දා තායිලන්තයට ගිය අපවද ඔහු පළමුවෙන්ම රැුගෙන ගියේ සියාම් නිරාමිත් පරිශ‍්‍රයේ පිහිටි රැුට්චාදා රංගශාලාවටය. මෙය ලෝකයේ උසම රංග ශාලාව බව ගිනස් වාර්තා පොතේද සඳහන්ය.
දිගින්ද පළලින්ද වැඩි මීටර් 11.95 ක් උස අති දැවැන්ත වේදිකාවක් මත සියමේ ඉතිහාසය දිග හැරෙන තුරු සංචාරකයෝ නොඉවසිල්ලෙන් බලාසිටිති.
වර්තමානයේ තායිලන්ත රාජධානිය ලෙස තායිලන්තය නමින් අද හැඳින්වෙන මේ දේශය 1939 ට පෙර හැඳින්වුණේ සියම් රාජධානිය ලෙසය. එසේ වුවත් සත්‍ය වශයෙන්ම සියම් රාජධානිය යනු වත්මන් තායිලන්තයේ පිහිටි කුඩා ප‍්‍රදේශයකි. නමුත් මේ සියම් රාජ්‍යය, එබිමට පළමුවෙන්ම වෙළෙන්ඳන් පැමිණි රාජ්‍යය වීම හේතුවෙන් සියම් රාජ්‍යය ඇතුළු සමස්ත භූමි ප‍්‍රදේශයම ලෝකයා විසින් සියම ලෙස හඳුන්වන්නට පටන්ගනු ලැබිනි.
රඟහලේ විදුලි බුබුලූ නිවී ගියේය. තිරය මත සටහන් වූයේ ඔයැ භදරඑය එයැ ්බජසැබඑ ණසබටාදප දෙ ඛ්බන් යන ඉංග‍්‍රීසි වචන කිහිපයයි.
උතුරේ ලන්නා රාජධානිය පිළිබඳ කතාව දැන් තිරය මත දිගහැරෙනවාද නැතිනම් වේදිකාව මත රංගගත වෙනවාද යන කුහුලින් යුතුව මම බලාසිටිමි.
වේදිකාව මත පෙරහැරකි. මාලිගය ඉදිරිපිටට ඒ ලන්නා රාජ්‍යයේ රජු බලාසිටින්නේ හස්තියකු මත නැගී සිටය. පෙරහැරෙන් මේ රාජධානිය වෙත සැපත් වන සුන්දර බිසව සිටින්නේ දෝලාවකය. මේ දෙදෙනා මෙසේ මුණගැසී සිටින්නේ චියැන්ග්මායි පන්සලට දළඳා වඳින්නට පිටත්වනු පිණිසය. හැබැයි මෙය නිල සංචාරයක් නිසාදෝ රජ සහ බිසව පිටත්වන්නේ රාජකීය පෙරහැරකිනි. රාජ්‍යත්වයේ සංකේත ආදිය රැුගෙන යන්නේ ඒ නිසා විය යුතුය. පහන්කූඩු බඳු පහන් රැුගෙන යන්නේ මාවතේ අඳුර දුරු කරන්නටය. මොහොතකින් මේ රාජකීය පෙරහැර පිටත් වේ.
බලාසිටිමි,
රජු වාඩිවී සිටින අලියා සැබෑම අලියකු නොවේදැයි මට සිතෙයි.
මේ අලි නළුවා වගේ වගක් නැතුව වේදිකාව මත තම භූමිකාව රඟපාන හැටි?
මම බලාසිටිමි
මා පමණක් නොවේ, දෙස් විදෙස් රටවලින් පැමිණි තවත් දෙදහසක් පේ‍්‍රක්ෂකයෝ ඒ රංගනය දෙස ආශාවෙන් බලාසිටිති.
දැන් ඉතින් ලන්නා රාජධානිය කුමක්දැයි සොයා බැලිය යුතුය. වර්ෂ 1365 ත් 1410 ත් අතර කාල පරිච්ෙඡ්දය තුළ මන්ග‍්‍රායි රජු විසින් පාලනය කරන ලද කුඩා රාජධානියකි. වත්මන් තායිලන්තයේ උතුරු කොටසෙහි පිහිටි ලැන්ග්පාත් චියැන්ග් මායි සහ චියැන්ග් රායි යන නගර මේ රාජධානියට අයත් විය. සියම් දේශයේ අනෙකුත් රාජධානි හා සසඳන කල සාමය සතුට සහ සමෘද්ධිය මේ රාජ්‍යය තුළ නොඅඩුවම තිබිණි.
එකී සංස්කෘතියට අයත් නර්තන විශේෂ මෙන්ම සංගීත රටාද වේදිකාව මත දැකීමටත් ඇසීමටත් හැකිය.
මම නුහුරු රටක අතීතයේ සැරිසරමි. ඊළඟට පහන් කූඩු ගුවනට යවන මනරම් සංදර්ශනයයි. ආලෝක පහන් අහසට යන තරමටම මේ වේදිකාව උසය. ලෝකයේ උසම වේදිකාව මෙය බව කියන්නේ බොරුවක් නොවිය යුතුය. දැන් අර පහන් අහසේ බොහෝ ඉහළ තිබේ. මේ පහන් අහසට යැවීමද අද වනවිට එක්තරා උත්සවයක් බවට පත්ව තිබේ. එහි ආරම්භය මේ ලන්නා රාජධානියේදී සිදුවූවකි. එසේ නම් මේ උත්සවය වසර හත්සීයකට වඩා ඉපැරැුණි එකකි.
තිරය වැසේ
එය යළි ඇරෙන්නේ දකුණු මුහුද ඔස්සේ වෙළෙන්ඳන් පැමිණි කතාව කියනු පිණිසය.
පළමුවෙන් වේදිකාවට එන්නේ දැවැන්ත නෞකාවකි. නැවියෝ කලබලයෙන් මෙන් ඉන් බැස වේදිකාවේ ඉදිරියට එන්නේ වෙළෙඳපොලක් ඉදිකරන්නටය.
මේ සියම් දේශයේ ශ්‍රී විචායි රාජධානියයි. එහි ප‍්‍රධාන වරාය නාකුන් ශ්‍රී තම්මරාම්ය. අර නෞකාව පැමිණ නැංගුරම් ලෑවේ එකී වරාය තුළය. චාග් ප‍්‍රයා ගංගා මිටියාවතෙහි පිහිටි විචායි රාජධානියට එදා පැමිණි මුස්ලිම් වෙළෙන්ඳන් හේතුවෙන් වත්මන් තායිලන්තයේ දකුණු කෙළවරේ වෙසෙන බහුතරය ඉස්ලාම් භක්තිකයෝ වෙති.
කෙසේ වෙතත් නෝරා, ශ්‍රී විචායි ගේන්ග් ජෙන්ග් යන නම් වලින් හැඳින්වෙන නර්තනාංග වේදිකාවේ දී දැකීමට ලැබිණි.
වේදිකාව ඊලඟට සැරසෙන්නේ ඊසාන දිග තායිලන්තයට අයත් ක්මාර් ශිෂ්ටාචාරයේ කතාව කියන්නටය.
මේ කතාව කියන්නට අහස ගොරවන්නේය. විදුලි කොටන්නේය. එතෙනින් නොනැවතී මහා වැස්සක්ද ඇද හැලෙන්නේය. වේදිකාවට මේ වැටෙන්නේ ඇත්තම වැස්සක් නේද?
පේ‍්‍රක්ෂකයෝ තමතමන්ගෙන්ම ප‍්‍රශ්න කර ගනිති. වැස්ස පායනවිට වේදිකාව මත තිබෙන ගංගාවේ වතුර පිරී අවසන්ය. මේ ගංගාව නම් මීකොං ගංගාවය. මෙහි ඉවුරු දෙපස බිහිවුණු ක්මර් රාජධානිය වර්ෂ 1300 පටන් 1500 දක්වා පැවැතිණි. මේ වකවානුවේ බිහිවුණු සොයින්ග් නර්තනය සේම රාම් ලා ඕ නම්වූ උණ බම්බු දෙකක් එකිනෙකෙහි ගැටෙමින් කරන නර්තනයද වේදිකාව මත රඟ දැක්වේ.
මේ රංගනයට පසුව රඟ දැක්වෙන්නේ මධ්‍යම තැනිතලාවට අයත් අයුත්යා අගනුවර පිළිබඳ වෘතාන්තයයි.
චා ඕ ප‍්‍රයා ගංගාව ආශ‍්‍රිතව බිහිවුණු අයුත්තයා වී ගොවිතැන පදනම් කරගත් සරල සංස්කෘතියක් පැවැති රාජධානියකි. වර්ෂ 1350 සිට 1767 දක්වා පැවැති මේ නගරය සියම් රාජධානියේ අගනගරය විය.
මේ ගොවි සංස්කෘතියෙහි ගවයන් මෙන්ම එළුවන්ද මිනිසුන්ට සමීපව ජීවත්වූහ. ඒ නිසාදෝ වේදිකාව මතට එළු නළුවන් දෙතුන්දෙනෙක්ද පැමිණියේ උණුසුම් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මධ්‍යයේය.
ඔය අතර වේදිකාව මත ඇති ගංගාව ඔස්සේ එළවළු පලතුරු පුරවාගත් පුංචි ඔරු ද යාත‍්‍රා කරනු පෙනෙයි. වප් මගුල් උත්සවය මෙන්ම ගොවි ගීතයද වේදිකාව මත ගැයෙන්නේ මනරම් රංගන ආශ‍්‍රිතවය.
සියම් දේශයේ ඉතිහාස කතාව රඟදැක්වීම එතෙකින් නිමාවුවද සියම් නිරාම්ත් දර්ශනය තවත් දිගුය. හැබැයි ඉතිරි දර්ශන වන්නේ අපාය හා දිව්‍ය ලෝකය පේ‍්‍රක්ෂකයන් හමුවේ නිර්මාණය කිරීමය.
අපායේදී සිදුවන වදදීම් ලෝදිය හැලිය, කටුඉඹුල ආදිය තායිලන්තයේදී වෙනස් වී නැත.
අපායට පසුව දිව්‍යලෝකය නෙත් හමුවේ මවන්නේ විචිත‍්‍රවත්වයයි. සියල්ල අවසානයේ සුරංගනාවන් අහස පුරා යමින් පොලවට මල් දමන්නේ
සොඳුරු සිහිනයක් දෙනෙත් හමුවේ මවමිනි.
මෙම සොඳුරු චාරිකාව පිළිබඳ තවත් තොරතුරු අවශ්‍ය නම් ි්ඩ්රසඑර්ඩැකිගජදප වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
ශාන්ත කුමාර විතාන / සේයාරූ - සඳුන් ගමගේ
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලොව උසම රංගශාලාවේ රඟන අලි නළුවෙක්