
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සඳහා අභ්‍යවකාශ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අභ්‍යවකාශ තාක්ෂණය සහ එහි භාවිතයන් ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය සහ ආර්ථික නවෝත්පාදනය වැනි තීරණාත්මක අංශ හරහා සැලකිය යුතු ප්‍රතිලාභ අත්කර දෙමින් ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට මේ වන විට පත්ව තිබේ.
අභ්‍යවකාශ තාක්ෂණයේ දිනෙන් දින වර්ධනය වන උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගෙන, ඒ සඳහා මෙරට ඒකාබද්ධ ජාතික රාමුවක් පැවතීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.
එබැවින්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ජාතික අභ්‍යවකාශ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට සැලසුම් කර තිබේ. යෝජිත ප්‍රතිපත්තිය මඟින් ජාත්‍යන්තර සහයෝගීතාව විධිමත් කිරීම හා ඒ සඳහා පහසුකම් සැලසීම, ගෝලීය අභ්‍යවකාශ පාලන යාන්ත්‍රණයන් තුළ ශ්‍රී ලංකාවේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ සියලුම ජාතික අභ්‍යවකාශ ක්‍රියාකාරකම් ජාත්‍යන්තර බැඳීම්, ගිවිසුම් හා ප්‍රමිතීන්ට අනුකුලව ක්‍රියාත්මක වන බවට සහතික කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව, අභ්‍යවකාශ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා විශේෂිත තාක්ෂණික දැනුම සහිත විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අ නේ බං අනුර කුමාර, රවට්ටන සීමාවක් තියා ගනින්.
හොඳ අදහසක්!!!! එතකොට ඒකේ CEO හැටියට මැදමුලන, රොකට් චිචිද පත් කරන්නේ? එයා නේද අපේ රටේ පළමුවෙනි space project එකට අපේ රුපියල් කෝටි ගණනක් ආයෝජනය කළේ? ඒ හුචක්කුව කොහේ ගිහින්ද නවතින්නේ? සමහරු එක මැදමුලන මී හරක් ගාලක දැක්කලු… අපි නම් දැක්කේ නැහැ.