
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව යන ආදායම් රැස්කරන හා උපයන ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි.
මෙම ආයතනවල දූෂණ විරෝධී ප්රයන්තය ඉදිරියට ගෙන යාම සහ සුපිළිපන් සංස්කෘතියක් තහවුරු කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එහිදි සමාලෝචන කරන ලදී. එසේම මෙම ආයතනවල තවදුරටත් සුපිළිපන් සංස්කෘතියක් තහවුරු කිරීම සඳහා ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා විය.
මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවිය සහ රේගු අධ්යක්ෂ ජනරාල් ඩබ්. එස්. කේ. ලියනගම, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර් පී එච් ප්‍රනාන්දු , සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී.එන්. ඒ. පේමරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු එම ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානීන්ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයියනායකගේ වැඩ බැරි ගෝලයෝ ටික සෙට් වෙලා කයිය ගහනකොට රා බීපු මීයෝ වගේ ඇති අම්මපා !
බදු ටික රුපියල් එකතු කරා කියමුකෝ ලංකාවේ බදු ගෙවන්නෙම නැති පොලි මුදලාලිලයි, tution සෙට් එකයි, චැනල් කරන සෙට් එකයි තමයි රුපියල් වලින් හම්බ කරලා රුපියල් බිලියන ගණන් වටිනා වාහන ගෙනාවේ. ඔය කට්ටිය ගෙනෙන කාර් වලට ඕනේ ඩොලර් ටික. ඕවට ඕනේ තෙල් ටිකට යන ඩොලර් ටික , ණයට ද නැතිනම් පිට රට ගිහින් කට්ටක් කාල මිනිස්සු එවන සල්ලි ටිකෙන්ද , නැතිනම් කෙල්ලෝ ටික රෙදි මහල හොයන සල්ලි ටිකෙන් ද ? මේ වෙනකොට ඩොලර බිලියන්න් 3-4ක් වාහන වලට විතරක්, තෙල් වලට මාසෙන් මාසෙට. අඩුම ගානේ , minimum km /ltr වගේ එකක් වත් දාල , වාහන මිලට උපරිමයක් වත් දැම්ම නම් මොකක් හරි තිබ්බ. ඩොලර් උතුරන්න තියෙනවා නම් , අවුලක් නැහැ කීවහැකි, රුපියල බාල්දු කරගෙන අධික මිල වාහන මොකටද ?