(සුජිත් හේවාජුලිගේ)
ශිෂ්‍යත්ව ලබා විදේශ රටවලට ගොස් සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් 38 දෙනෙකු ආගිය අතක් නැතැයි එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිරිසෙන් වැඩි දෙනෙකු සහාය කථිකාචාර්යවරුන් බව පැවසේ.
විශ්ව විද්‍යාලයෙන් පිරිනැමුණු විශේෂ දීමනා හා වැටුප් ද ලබමින් මොවුන් විදේශයන් හි අධ්‍යාපන කටයුතු වල යෙදී සිටියදී මෙසේ අතුරුදන් වී ඇති බවත් මේ පිරිස විශ්ව විද්‍යාලය සමඟ අස්සන් කෙරුණු බැදුම්කර ගිවිසුම කඩ කිරිම නිසා විශ්ව විද්‍යාලයට රුපියල් අට කෝටි විසි ලක්ෂ අසු එක් දහස් පනස් හතරක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.
මේ කථිකාචාර්යවරුන්ට හා ඔවුන්ගේ ඇපකරුවන්ට විශ්ව විද්‍යාලය සහ නීතිපති දෙපාර්තමේන්තුව මගින් වරින් වර එන්තරවාසි යොමු කර ඇතත් සමහර ලිපි සඳහා මේ වන තෙක් පිළිතුරක් හෝ ලැබී නැතියි වාර්තා වෙයි. තවත් සමහර එන්තරවාසී හැරෙන තැපෑලෙන් විශ්වවිද්‍යාලයට ආපසු ලැබී ඇත.
මේ පිළිබඳව ‘ලංකාදීපය’කළ විමසුමක දී අදහස් දැක් වු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වසන්ත පෙරේරා මහතා පැවසුවේ ආගිය අතක් නැතිව සිටින මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරිමට හැකියාව ඇත්දැයි නීතිපතිවරුන්ගෙන් උපදෙස් ගැනීමට කටයුතු කරගෙන යන බවයි.මොවුන් ආගිය අතක් නැති බව හෙළිවිමෙන් පසුව ඔවුනට ගෙවීම නැවැත්වු බවද ලේඛකාධිකාරිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට ගිහින් එන්න අකමැති මිනිසුන් මොකටද ගෙන්න ගන්න හදන්නේ? ඊට වඩා ක්‍රමයක් හැදුවොත් නරකද පීටරට ගිහින් නොඇවිත් ඉන්න බැරි වෙන්න.
මේ තත්ත්ව ජපුරට සරසවියට විතරක් නෙමෙයි අනිත් විශ්ව විද්‍යාලය වලත් ඔය සෙල්ලම හොදට සිදුවෙනවා. ඔවුන් සහාය කථිකාචාර්යවරුන් ලෙස විශ්ව විද්‍යාලයට සම්බන්ධවී ලෝකයේ හොදම විශ්ව විද්‍යාලවලින් ආචාර්ය උපාධි වැනි පස්චාත් උපාධි ලබන්නේ රජයේ මුදල්වලින් (නොමිලෙමයි), එහෙත් ආචාර්ය උපාධි ලබාගෙන අවුරුද්ධක් යනකොට ඒ ඇදුරෝතුමෝ වෙනත් තැනක සේවයට යනවා. අවම වශයෙන් මේ වටිනා අවස්ථාව ලබාදුන් සරසවියට අවුරුදු 2ක් වත් සේවය නොකරන්න තරම් මෙතුමන්ලා ආත්මාර්තකාමී වෙනවා. මේවා පෙන්නේ දෙවියන්ට විතරයි.
රජයේ විශ්වවිද්‍යාල වලින් දුප්පත් මහජනයාගේ මුදලින් පිනට ඉගෙනගෙන ඔස්ට්‍රේලියාව වැනි රටවලට පැන සේවය කරන අයගෙන් වහාම එම මුදල් අයකරගන්නා පනතක් ගෙන්න.
එහෙම ආපු එක හිමි නමක් ඔන්න ඉන්නවා ලොස් ඇන්ජලිස් සන් වැලි පන්සලේ.
හොද රටකට රජයෙන් යැව්වාම පනින එක අපේ අයගේ හැටිනේ. මේවාගේ අවස්ථා වලදි රජය ගිවිසුමක් මත ඇපයට මුදලක් තබාගෙන රට යැවිය යුතුයි
මේක අලුත් දෙයක් නොවේ. මහජන මුදලින් ඉගෙන ගෙන, රටට සේවයක් නොකර, අවස්ථාව ලැබුණ විට රටින් පැන ගියාට, හොයල බැලුවොත් ලංකාවේ ඉන්න කාලේදී මේ අය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මහ "අරගල" කරපු අයයි.
මේ අයට අායේ ලංකාවට එන්න කියලා අන්තරේ... ඇයි ඒ උද්ඝෝෂණ කරන්නේ නැත්තේ?
හැම කාරණයකම පැති දෙකක් තියෙනවා. මෙම සමහර සහය කථිකාචාර්යවරුනට පූර්ණ ශිෂ්‍යත්ව ලබා තමයි පිටරට යන්නේ. ඒ නිසා එම පිටරට උපාධියට හැමවිටම ලංකා රජය ගෙවනවා කියා කීම වැරදියි. එනමුත් නිවාඩු ලැබෙන්නේ පඩි සහිතව නිසා ඒ ගෙවන මුදලින් නිසි ප්‍රයොජනයක් ලැබෙනවාද යන්න බැලීමට හැම මාස හයකට ම වරක් ප්‍රගති වාර්තාවක් කැඳවීමට දැන් කටයුතු කර තිබෙනවා. ඒ නිසා ඇත්තටම විශ්ව විද්‍යාල වලට ඒ අයගේ පඩිය ගෙවීම මාස 6න් පසු අත්හිටවිය හැකියි. ඇපකරුවන් පසුපස එලවීම නිරර්ථක ක්‍රියාවක් වනුයේ ඇපකරුවන් හට දඬුවම් කිරීමෙන් මේ ප්රශ්නය විසඳිය නොහැකි නිසාවෙනි. අවුරුදු අට ඇතුලේ එය සම්පුර්ණ කල නොහැකි නම් සහය කථිකාචාර්යවරුන්ට රැකියාව අහිමි වන තද නීතියක් විශ්ව විද්‍යාල වල පවතිනවා. ලංකාවේ සහය කථිකාචාර්ය වරුන්ට පඩි හොඳනම් ඔය කියන ප්රශ්නය ඇති වන්නේ නෑ. මොකද උපාධිය අරගෙන ලංකාවට නැවත ඒමට එය හොඳ උත්තේජකයක් වන නිසා. ප්‍රායෝගිකව පරිවාස කාලයේ සිටින කථිකාචාර්යවරයෙකුට බැංකුවකින් ණයක් වත් ගන්න අමාරුයි. මොකද අවුරුදු අටක් යනකම් පරිවාස කියල ලේබලයක් අලවලා හා අවුරුදු අටෙන් ජොබ් එක ඉවර වෙන නීතියක් තියෙන නිසා.. මෙතන මේ කාරණේ ගැන මත පල කරන අය ඔන්න ඔහොමයි.
පිටරට ගිහින් පැනපු අය නෙවෙයි ලංකාවෙ ඉන්න හැම කෙනාම අඩුම තරමින් අවුරුදු 13ක් රජයේ වියදමින් ඉගෙනගත්තු අය. ඒ අයගෙන් තවත් විසි තිස් දාහක් රජයේ වියදමින් විශ්ව විද්‍යාල හෝ වෙනත් උසස් අධ්‍යාපනික ආයතනවල ඉගෙනගත්තු අය. නමුත් හැමෝටම පේන්නෙ රජයේ වියදමින් ඉගෙනගෙන රට පැනපු අය ගැන. රට පැනපු අය වැරදි තමයි. නමුත් ලංකාවෙ ඉන්න අය රටට මොනවද කරන්නෙ. රට පැනපු අය රටට වැඩක් නොකලත් අඩුම තරමින් ඒ අය ලංකාව හූරගෙන කන්නෙ නැතිව පැත්තකට වෙලා ඉන්නව. නමුත් ලංකාවෙ ඉන්න අය කරන්නෙම ලංකාව හූරගෙන කන්න බලන එක. ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න හැම හොරාම ඉගෙන ගත්තෙ රජයේ වියදමින්. නමුත් ඒ අයට විභාග පාස් කරන්න මොලයක් තිබුනෙ නැහැ. දැන් රට හෝදගෙන බොන්න හදනව.
සරසවි වල පමණක් නොව අනෙක් රාජ්‍ය ආයතන වල සේවය කල විදෙස් අධ්‍යාපනයට විදේශ ගතවූ ලංකාවේ බුද්ධිමතුන් මෙලෙස රට හැරයන්නේ මොකද කියලා මුලින්ම කල්පනා කලයුතුය. පළමු කාරණය ඔවුන්ගේ උගත්කමට සරිලන වැටුපක් මෙරටදී ලබාගැනීමට නොහැකියාව, ඊට අමතරව නියමිත සුදුසුකම් සපුරා මෙරටට ඔවුන් නැවත පැමිණි පසු සුදුසු තනතුරු සහ ස්ථානවලට ඔවුන්ව අනුයුක්ත නොකිරීම, විවිධ දේශපාලන බලපෑම් නිසා නිදහසේ රාජකාරි කිරීමට හැකි පරිසරයක් මෙරට නොමැති කම. මේ නිසා මොවුන්ට එරෙහිව නීතිමගින් ක්‍රියාත්මක වීම වගේම මෙවැනි අඩුපාඩු මගහරවාගෙන මොවුන්ගෙන් රටට උපරිම සේවයක් ලබාගැනීමට රජය කටයුතු කලයුතුය.
පිටරට ගිහින් ඉගෙනගන්න. ඒවා අපේ රටට ක්‍රියාත්මක කරන්න තව වසර 50 ක් වත් යනවා. ඒ නිසා ඉගෙනගත්ත දෙයින් වැඩක් ගන්න බැහැ. අනික මෙහෙ අයට අගයකුත් නැහැ. කොහොම හරි මෙහෙට ගෙන්න ගන්න විතරයි බලන්නෙ. ඒ කුහකකමට. ආචාර්ය උපාධි අරන් ඒ රටවලත් විශ්ව විද්යලවලනේ ඉන්නේ. එ්ක මොනතරම් හොඳද?
රට යන කෙනා යන්නේ මෙහෙට වැඩිපුර අදායමක් උපයන්න පුළුවන් නිසානේ. එයාලා අඩු තරමින් ඒ වැටුපෙන් සියයට එකක්වත් අපේ රටට එවයිනේ. කරන්න තියෙන්නේ ඉන්දියාව කරනවා වගේ, මේ කට්ටිය කකුල් ගැට ගහල නවත්තන එකවත්, ගුවන් තොටුපොළේ කවුළුවක් අැරගෙන රට යන කට්ටිය රස්සාවකටද යන්නේ කියලා අහලා කප්පම් එකතු කරන එකවත් නොවෙයි. යන තරම් පලයන් පුතා කියලා වැඩි වැඩියෙන් පුහුණු කරන එකයි. රටට විදේශ විනිමය උපයන්න භාණ්ඩ නිපදවල පිටරට යවන්නම අවශ්‍ය නැහැ. දැනුම සහ ශ්‍රමය අපනයනය කරලත් මුදල් හොයන්න පුළුවනි.
ප්‍රමාණවත් අධ්‍යාපනයක් නැති විශ්ව විද්‍යාල ඇදුරන් මේ ආයතනවල පිරී සිටින බව මෙයිනුත් පැහැදිලි වෙනවා. මහාචාර්යවරුන්ගෙන් බොහෝ දෙනෙකුත් එහෙමම තමයි. සමහර විශ්වවිද්‍යාලවල බොරු සුදුසුකම් සහිත ඇතැම් හොර මහාචාර්යවරුන් සිටින බවත් ඔවුන්ට එරෙහි විනය පරීක්ෂණයට යන බවත් මාධ්‍යවලින් ඉඳහිට දැනගන්න ලැබෙනවා. රටට මහා ඛේදවාචකයක් වී තිබෙන උමා ඔය ව්‍යාපෘතියට වාර්තාව හැදුවෙත් ඔය කියන ආයතනයේ මහාචාර්ය නෝනා කෙනෙක්ලු. ඉන්ජිනේරු අංශයක් වත් නැති ශ්වවිද්යාලයක නෝනා කෙනෙකුට ඒ වගකිවයුතු කාර්යය බාර දුන්නේ මොන බලධාරියාද? විභාග පාස් කොරපු පලියට උගත්කම් ලැබෙන්නේ නැහැ මොලේ නැති අයට !