අම්පාර ඵෙතිහාසික රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ කැනීම් වලදි ඉපැරුණි මුද්‍රාවක්, දේව රූපයක් සහ ඇතකුගේ රූපයක් හමුවි ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව අංශයේ මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා පැවසීය.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යා අංශය සහ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව එක්ව 2012 වසරේ ආරම්භ කරන ලද රජගලතැන්න පුදබිමේ කැනීම් වලට මේ වන විට වසර 03 ක් ගතව තිබේ. මෙම කැනීම් වලදි වැදගත් ස්ථාන මෙන්ම වැදගත් ඵෙතිහාසික කරුණු බොහොමයක් ඉස්මතු කර ගැනිමට හැකිවු බවද මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා කීය.
අවසන් වරට හමුවු මුද්‍රාව සහ දේව රූපය දාන ශාලා ගොඩනැගිල්ලයි සැකකරන කැනීමි කරන ස්ථානයේදි හමුව තිබේ. මෙම ප‍්‍රතිමාව කි‍්‍රස්තු වර්ෂ 8,9 සියවසේ විමට හැකි බවද ඔහු පැවසිය. අඩි එකහාමාරක් පමණ ඇති මෙම රූපයේ හිසේ සිට දණ හිස දක්වා කොටස පමණක් හමුවී ඇත.
දිව්‍යමය ස්වභාවයක් ගන්නා මෙම රූපයේ හිස ඉතාමත් අලංකාරව පිහිටා තිබේ. අත්වල බාහු කැඩි ගොස් ඇති අතර අත්දෙක ඉතිරිව තිබේ. එම අත්දෙක මැද මල් පොකුරක් තිබෙන අතර රූපයේ යට කොටසේ දුහුල් දෝනියක් හැද තිබෙනවා. මෙහි සමස්ථ ලක්ෂණ සහ ලංකාවේ වෙනත් හමුවු රූප සහ සැසැදිමේදි කිසියම් දිව්‍යමය රූපයක් මෙයින් ඉදිරිපත් කර ඇති බවද මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා සඳහන් කළේය.
බුදුන් වහන්සේට හෝ බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරිමට පැමිණෙන ප‍්‍රධාන දෙවි කෙනෙක් ආකාරයට මෙම නිර්මාණය කර තිබෙනවා. ලංකාවේ හමුවෙන මැටියෙන් කරන ලද ප‍්‍රතිමා අතර අතිශය වැදගත් අවධානය යොමුකළ හැකි පිළිමයක් බවට මෙම පිළිමය හඳුන්වා දිය හැකි බවද ඒ මහතා පැවසිය
මෙයට අමතරව ඉතා දුර්ලභ මුද්‍රාවක් ද මෙහි කරන ලද කැනීම් වලදි හමුව ඇති අතර ඇතුළුනුවර , අභයගිරිය, රුහුණේ සහ යාපනය අර්ධද්විපයේ කරන ලද කැනීම් වලදිද මෙවැනි මුද්‍රා හමුව තිබේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලම්භකර්ණ යනු කර්ණාභරණ හෙතුවෙන් කණේ පහළ කොටස ඇදී තිබිමයි. එය අදටත් අපට උරුමවී තිබේ. (නි)
මේ හෙළබිමේ සත්‍ය ඉතිහාසය සොයායන්නන්ට විද්‍යාත්මක සාක්කි සෙවීමට මුලින්ම ලොව අඩුම ගුරුත්වය ගැන අන්තර්ජාලයෙන් සොයාබලා යම් දැක්මක් ගන්නවා නම් හොඳයි. (නි)
උරුම -අරුම (නි)
වටිනා සොයාගැනීමක් (නි)
මේ මතුවන්නේ අපේ ජාතික අභිමානයයි (නි)
බුදු දහමින් පෝෂණය වූ උදාර ආර්ය ජනතාවක් ජීවත් වූ අපේ මව්බිමේ සෑම අඟලකම යටපත්ව ඇති නටඹුන් ලෝකවාසී ජනතාවට කියන්නේ හෙළයේ උදාරත්වයයි. (නි)
අප ලංකාව උතුරේ සිට දකුණටත්,බටහිර සිට නැගෙනහිර දක්වාත් සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබිලා තිබෙන්නේ 1505 තෙක්ය. (නි)
ලාංකීය සැබෑ ඉතිහාසය ළඟදීම දැනගන්න ලැබේවි. (නි)
මේ ශ්‍රි විභූතිය බලාගන්න අනේ මටත් අතීතයට යන්න හැකි නම් (නි)
එම පිළිරුවෙහි ඉන්දියානු ලම්භකර්ණ ලක්ෂණ පෙන්නුම් කරන අයුරක් මට සිතේ (නි)
මෙවන් සොයාගැනීම් තව තවත් කරන්නට ලැබේවා! (නි)
පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් දිනපතා මතුවෙන සිංහල බෞද්ධයාගේ ඉතිහාසය කියන්නේ ඔහුට මේ ලොව හිමි ස්ථානය පැහැදිලිවම කියාපාන ජීවමාන සාක්ෂියක්. ඇතැම් සිංහල බෞද්ධ විරෝධීන් ඊනියා නිධාන් හැරීම ඔස්සේ කරගෙන යන්නේ සිංහල බෞද්ධයාගේ උරුමය තහවුරු කරන සාක්ෂි නිර්දය ලෙස විනාශ කර දැමීමක්. ඉන්දුනීසියාව ඉස්ලාම් ආගම අදහන රටක් වුවත් ඵෙතිහාසික බොරෝ බුදුර් සිද්ධස්ථානය ආරක්ෂා කිරීමට රාජ්‍ය මට්ටමින් පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස අපගේ පෞරාණික උරුමය රැකගැනීමට මීට වඩා උත්සුක වියයුතුයි. මේ සම්බන්ධයෙන් වෙහෙසෙන සියලුම පුරාවිද්‍යාඥයින්ට අපගේ ප්‍රණාමය. (නි)
බොහොම හොඳයි (නි)
මේ නාස්ති කරන සල්ලි ඉස්පිරිතාල වල බෙහෙත් ගන්න යොදනවානම් මීට වඩා රටට සෙතක් වෙනවා. යට ගිහිපුවා යට ගියාවේ. (බ)
අතීතයත් වැළලෙන්න දෙන්න හොඳ නැහැ. නැතිනම් වෙන අය අයිතිවාසිකම් කියන්න එනවානේ. (ම)
හරිම කැමතියි මෙලෙස අපේ ඉතිහාසය යලි අනාවරණය වීම එවැනි දේ වෙනුවෙන් මහන්සි ගන්න ඔබතුමාලට සියලු දෙවි රැකවරණය ලැබේවා. (ර)
හරිම ආඩම්බරයි (නි)
දැන් ඉන්න සිංහල මිනිස්සු එදා මිනිස්සුන්ගෙන් පැවත එනවා කියලා හිතන්න බැහැ. (අ)