
( සුමිත් පොතුපිටිය )
යතුරු පැදිය අධිබලැති විදුලි කණුවක ගැටී තරුණයෙකු මියගොස් ඇති බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ, මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සමිඳු නිර්මාල් ප්‍රනාන්දු නමැති 19 හැවිරිදි තරුණයෙකි.
ඊයේ (10) රාත්‍රි පානදුර දෙස සිට මොරටුව දෙසට ගමන් කර ඇති අතර, කොරලවැල්ල ලන්සියා පල්ලිය ආසන්නයේදී කුඩා ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී, විරුද්ධ මන්තීරුවට ඇදී ගොස් අධිබලැති විදුලි කනුවක ගැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
බරපතල තුවාල ලබා සිටී තරුණයා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd