
(ඩී.ජී.සුගතපාල)
වෙන්නප්පුව ධිවර වරායෙන් පසුගිය 03 වානි දින මුහුදු ගිය ධිවරයන් පිරිසක් ලංකා මුහුදු තිරයේ මසුන් අල්ලමින් සිටියදි ඉන්දිය නාවික හමුදා යාත්‍රාවකින් පැමිණි පිරිසක් යාත්‍රාව පරික්ෂා කරමින් එහි සිටි ධිවරයන්ට පොලුවලින් සහ අතින් පයින් පහරදි පිටව ගොස් ඇත.
පහරදිම සම්බන්ධයෙන් ධිවරයින් වෙරළාරක්ෂක නිලධාරින්ට දැනුම්දිමෙන් පසු ශ්‍රි ලංකා නාවික හමුදාවේ නිලධාරින් තුවාල ලබා සිටි ධිවරයන් අද උදැසන දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ තුඩුවාව කුඩාමඩුවැල්ල ,මාරවිල ඉහල මහවැව,යන ප්‍රදේශවල පදිංචි ධිවරයින් සිව් දෙනෙකි.
රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd