
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ලබන 17 වෙනිදා විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
එම පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයද කථානායකවරයාට දැනුම් දී ඇත.
පනත් කෙටුම්පත සම්මත වීමෙන් හිටපු මන්ත්‍රීවරුන් පන්සිය දොළොස් දෙනකුගේ විශ්‍රාම වැටුප අහෝසිවී යනු ඇත.
ඊට හිටපු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන් ( බිරිඳ හෝ සැමියා) 150ක්ද ඇතුළත් වෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ජාතික ජන බලවේගය පසුගිය මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ කාලයේදී ජනතාවට දුන් පොරොන්දුවක් ඉටුකිරීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd