( එච් . චන්දන)
කාර් රථයකින් අයිස් මත් කුඩු ප්‍රවාහනය කළ යුවළක් අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලීසියේ විෂ මත් ද්‍රව්‍යය නිවාරණ වැටලීම් ඒකකය කියයි.
පුත්තලම කුරුණෑගල මාර්ගයේ මැල්ලන්කුලම හන්දියේදී මග රැකවල්ලා සිටි පොලිස් නිළධාරින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ලැබුණු තොරතුර මත පුරා මාසයක ආසන්න කාලයක් සිදු කල මූලික විමර්ශණයකින් අනතුරුව සිදු කල වැටලීමකදී , මෙම යුවල තමන් සතු නවීන පන්නයේ කාර් රථයකින් අයිසි මත් කුඩු අලෙවියට රැගෙන එන අවස්ථාවේ පොලිස් නිළධාරින් අත් අඩංගුවට ගෙන ඇත.
මොවුන් පුත්තලම ආණමුඩව හා අවට ප්‍රදේශවල තරුණයින් හා මත් ලෝලීන් ඉලක්ක කරගෙන මෙම අලෙවිය වසර ග ණාවක සිට සිදු කරණ බවත් විදෙස් රටවල සිටින මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග හා පාතාල කල්ලි සමග සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට පොලීසියට කරුණු ආණාවර්ණය වී ඇත.
අත් අඩංගුවට පත් මේ තරුණ යුවල ආණමඩුව මහ උස්වැව පදිංචි මෙම යුවල වයස අවුරුදු 23 හා 28 පසුවන් වන අතර සමහර අවස්ථාවල කාන්තාවගේ මිත්තනියගේ නිවස පිහිටි ඉබ්බාගමුව ප්‍රදේශයේ සම්බාරගම ප්‍රදේශයේ නිවසක රැදී සිටින බවට ඔවුන් පවසා තිබේ.
ලක්ෂ අසූවකට වැඩි මුදලකට මේ අයිස් මත් දුව්‍ය අලෙවි කිරීමෙන් තමන්ට ලැබෙන බව පොලීසිය හමුවේ ඔවුන් ප වසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd