ධම්ම ගවේෂී පදනමේ සෝමතිලක හෙට්ටිආරච්චි මහතා භාවනාවේ වැදගත්කම එමෙන්ම නිවැරදි අයුරින් භාවනාවේ යෙදිය යුතු වන්නේ කෙසේද යන්න දැක්වෙන හරවත් ලිපියක් එසැණට එවා ඇත.මේ පුන්පොහෝදා ඔබ සැමගේ හිතසුව වෙනුවෙන් එම ලිපිය මෙසේ පළකරන්නෙමු.
භාවනාව
පසුගිය වසරක කාලයක් තුල පොහෝය දිනවල මවිසින් ලංකාදීප අන්තර්ජාලය තුලින් ඉදිරිපත් කල දහම්කරුණු කියවා දැක්වූ ප‍්‍රතිචාර වලට පලමුවෙන්ම මා ස්තූතියි වන්නෙමි. ඒ සෑම ලිපියකම මගෙත් උත්සහය වූයේ බෞද්ධකම කියා මිථ්‍යාමත අනුගමනය කරන අයව මුදවා ගැනීමයි. මාගේ දැනුමේ තරමින් මා ලැබූ අත්දැකීම ආදර්ශයට ගෙන පැහැදිලි කල අදහස් වලට ඉදිරිපිත් කල ප‍්‍රතිචාර අනුව එම කරුනු යම්තාක් දුරට පිලිගෙන ඇති බව දැන ගතිමි. එම නිසා බුදු දහම දැනගැනීමට ඇති අවශ්‍යතාවය නිසා ඒ අය වෙනුවෙන් ලියමි.
මෙවර බොහෝ අයගේ ඉල්ලීම මත මා ලිවීමට අදහස්කලේ භාවනාව පිළිඹදවයි. භාවනාව යන්නෙහි තේරුම, ඇයි අපි භාවනා කරන්නේ, එයින් ලැබෙන ප‍්‍රයෝජනය ගැන පහදා දීම මෙහි අරමුණයි. මෙය ඉතාමත් වගකීම් ඇති ක‍්‍රියාවක් නිසා, ගුරුවරයා මේ පිලිබ`දව නිවැරදි අවබෝධයක් ඉගෙනීමක් ලබා තිබිය යුතුය. එවැනි ගැඹුරු ප‍්‍රඥානවන්ත තත්වයකට මා පැමිණ නැතිබව ප‍්‍රකාශ කරමි. නමුත් මෙතෙක් මා දැනගත් ඉගෙනගත් දෙය තුලින්, ලැබූ අත්දැකීම් මත, තත්පරයකදී නොසිතන තැන් වලට, නොසිතන දුරකට යන නොහික්මුණ සිත භාවනා කිරීමෙන් සංවර කරගෙන, සිතට සිතෙන අරමුණු කරානොව, තමන්ට සිතෙන යහපත් අරමුණු වල සිත යෙදීමෙන් යහපත් ගුණ ගරුක දිවිපෙවෙතක් ගෙවීමට සිත පෙරටු කර ගැනීමට හැකි බව මා හට දැනෙන නිසා ඒ මා ලබන දැනුම සුවය බෙදා දීමේ අදහසින් ලියමි.
භාවනාව යන්නෙහි තේරුම වැඞීමයි, සිත අධ්‍යාත්මික දියුණුව කරා රැගෙන යාමයි. මෙය ඉතාමත් දුෂ්කර කටුක අත්දැකීම් ලැබීමට සිදුවන පහසුවෙන් කළ නොහැකි දෙයක්ය. එයට හේතුව වන්නේ අප ඉපදීමත් මරණයත් අතර කාලයතුල ජීවත්වීමෙන් උත්සහගන්නේ දුකෙන් තොර සැපෙන් බර තමන්ගේ අභිමතාර්ථයන් ඉටුකර ගනිමින් සිටීමටය. මෙය මොළය ක‍්‍රියාකාරී නැති මන්ද බුද්ධිකයෙකුට කල නොහැක. සිත ක‍්‍රියාකාරී නොවීම එයට හේතුවයි. දුක තුල ඇති අකමැත්ත නොසන්සුන්කම නිසා ඇති වූ අප‍්‍රසන්න ස්වභාවය නොරුස්සන ගතිය නිසා ඇත්තේ තරහා හටගත් සිතකුයි. සැප නිසා ආශාවත් දුක නිසා තරහා උපදින්නේත් සිතටය. ඉපදුන දා සිට මරණය දක්වා අප සිටින්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නොවේද ? (ආශාව සහ තරහාවයි) තේරුම් ගැනීමට බැරි සිත නිසා ඇතිවන මෙම ක‍්‍රම දෙකම යහපත් දිවි පැවැත්මට හා බෞද්ධයාගේ පරමාර්ථය වූ නිවන් මාර්ගයට මාර බාධාවක්ය. මේ හේතුව දැනගත් අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කලේ වැඩිපුර ආශාවත් තරහත් දෙකම නැතිව (කැමැත්තත්, අකමැත්තත්) මධ්‍යස්ථ පිලිවෙතක් අනුගමනය කිරීමට සිත හුරු කල යුතු බවය. ඇස, කණ, නාසය, දිව ශරීරය යන පංච ඉන්ද්‍රියන් දෙන සංඥාවන් මත හොඳ නරක, යහපත් අයහපත්, පව්පින්, කුසල් අකුසල්, යනුවෙන් ක‍්‍රියාවේ යෙදවීමට මුල් වන්නේ සිතයි. ලෞකික දේවල රසවිදීමටත් අකාරුණික අමානුෂික පාපිෂ්ඨ ක‍්‍රියාවල හැසිරීමට හුරුවූ සිත මේ දෙකෙන්ම මුදවාගෙන, සංවර එක්තැන්වූ අධ්‍යාත්මික සිතක් සෑදීමට ගන්නා උත්සාහයේ යෙදෙන ක‍්‍රියාවලිය භාවනාවයි.
භාවනා කල යුතු ක‍්‍රම දෙකකි. සමථ භාවනාව සහ විදර්ශනා භාවනාවයි. සමථ භාවනාවෙන් සිදුවන්නේ විසිරුන සිත සමථයකට පත් කිරීම හෙවත් විසිරුන බවින් මුදවාගැනීමයි. විදර්ශනා භාවනාවෙන් සිදු වනුයේ සංවරවූ සිත කරුණු වටහාගනිමින් ගවේෂනාත්මකම අවබෝධය කරා රැගෙන යාමයි. සමථ භාවනාවෙන් සිත සමාධිය කරාත්, විදර්ශනා භාවනාවෙන් සිත ප‍්‍රඥ්ඥාව කෙරෙහි රැගෙන යාමත් සිදුවේ. කලබල නොසන්සුන් වූ සිතකින් කිසිමයහපත් දෙයක් හෝ අයහපත් දෙයක්වත් ක‍්‍රමානුකූලව කරගත නොහැකිය. එහෙයින් සිත තැන්පත් කර ගැනීමට සමථභාවනාව ප‍්‍රථමයෙන් කල යුතුය. විදර්ශනා භාවනාව පිළිබදව දැනගැනීම පසුවට තබා සමථභාවනාව පිළිබදව දැන ගනිමු. සමථභාවනා ක‍්‍රම නම් බුද්ධානුස්සතිය - බුදුන් ගුණ පිළිබදව මෙනෙහි කිරීම, ධම්මානුස්සතිය - බුදුන් වහන්සේගේ දේශනා කරනලද ධර්මය පිලිබදව ගුණ සිහි කිරීම, සංඝානුස්සතිය - ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ගෞරවය සහ විශ්වාසය ඇතිකර ගැනීම, ශීලානුස්සතිය - තුරුණුවන් කෙරෙහි ඇතිකරගත් විශ්වාසය තුලින් ගොඩනගාගත් යහපත් ප‍්‍රතිපත්ති සත්‍ය දකිමින් මෙනෙහි කිරීම, චාගානුස්සතිය - තමන් ඇලීමෙන් බැදීමෙන් තොරව දුන් දානාදිය සහ ත්‍යාග පිරිනැමීම් මෙනෙහි කිරීම, දේවානුස්සතිය - දෙවියන් සාක්ෂිකොට තබාගෙන තමන්ගේ ශ‍්‍රද්ධාදී ගුණ සිහිපත් කිරීම, මරණානුස්සතිය - ඉපදෙන ඕනෑම සත්වයෙක් ජීවත් වෙමින් සිටියදී නොසිතන වේලාවක මරණය සිදුවන බව සිතමින් අනිත්‍ය මෙනෙහි කිරීම. මෙම සිහිපත් කිරීම් සිදුකරන්නේ මෛත‍්‍රිය කරුණාව දයාව අනුකම්පාව උපේක්ෂාව යන සතර බ‍්‍රහ්ම විහරණයන් ලබාදෙමින් අකාරුණික නොසන්සුන් සිත තැන්පත් කිරීමටය. ඊලග පියවර වශයෙන් ආනාපාන සති භාවනාවයි. ආනාපාන සති භාවනාව බුදුගුණ සිතමින් කාරුණික වූ සිත තමත් දියුණුවේ ඉහලට ගෙනයාමට වඩනා ක‍්‍රමයකි.
භාවනා කිරීමට ප‍්‍රථම පිරිසිදු වී පන්සිල් සමාදන්වන්න. තවද නිසංසල නිශ්ශබ්ද තැනක් විය යුතුය. පහසු ක‍්‍රමයකට වාඩිවෙන්න පලමුව තමන්ගේ ප‍්‍රාණය බුදුන් වෙනුවෙන් පූජා කරන්න එවිට අදෘශ්‍යමාන බලපෑම් අඩු වෙනවාය. පසුව එකේ සිට දහය දක්වාත් දහයේ සිට එක දක්වාත් ඉලක්කම් සිතින් දැක දැක කීපවරක් ගනින්න. ඉන් අනතුරුව මෛත‍්‍රී භාවනාව (සමථ භාවනාවකි) මෙසේ වඩන්න. මම කියන එක නොකියා මේ ප‍්‍රාණය ඇතුළු තුන්ලොව වසනා සියළු සත්වයෝම නිදුක්වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත්වෙත්වා, දුකින් මිදෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝවෙත්වා, සුවසේ ජීවත්වෙත්වා, ශාන්ත සුවයට (නිවන) පැමිණෙත්වා යනුවෙන් සිතන්න. මෙසේ ටික වේලාවක් සිතනවිට ඔබට හිතට සැහැල්ලූවක් දැනේවි, එසේ දැනෙන අවස්ථාවේදී ඔබේ ශරීරයේ ක‍්‍රියාකාරිත්වය ගැන සිතින් දකින්න දැන් ආනාපානසති භාවනාව ආරම්භ කරන්න. හුස්ම නිසා ශරීරයට සිදුවනදේ හොදට සිතින් බලන්න. එවිට ඔබට දැනේවි හුස්ම ගන්නා විට උදරය ඇතුළුවන කද කොටස පිම්බෙන හා හුස්ම හෙලෙන විට ඇකිලෙන ස්වභාවය, ටික වේලාවක් සිත වෙන අරමුණු කරායාමට නොදී බලන්න, ආනාපානසතිය කරන අවස්ථාවේ සිත වෙන අරමුණකට ගියොත් ඒ අරමුණ දැක පසුව එය අතහැර නැවත හුස්ම ගැන සිතන්න, සිත හුස්මෙන් පිට වෙනත් අරමුණු කරා යාමට සූදානම් වෙද්දීම දැනගන්න, යාමට දුනහොත් ඔබට නොදැනීම සිත රස්තියාදුවේ යනවාය. තමන්ගේ ධෛර්ය නැතිවුවහොත් එය දැනෙන්නේ ටික වේලාවකට පසුවය. මෙසේ ශරීරයේ හුස්ම ඉහලට පහලට ගන්නා හෙලනා අවස්ථාව දකින ගමන් හුස්ම පටන්ගන්නා නාසයේ මුලට සිත ගෙනවිත් හුස්ම ඇතුලට එන විදිහත් පිටවෙන විදිහත් දකින්න, හුස්ම නාසයේ වැදීගෙන ඇතුලට එන පිටවන විදිහ දකින්න මේ දැනීම විතක්ක යයි ඉහලට පහලට එන යන හුස්ම ආශ්වාස ප‍්‍රාශ්වාස යැයි සිතන්න එය විචාරයයි. හුස්ම ඉහලට පහලට එන යන විට දැනෙනවා ඒ දැනෙන දේ මෙයැයි කියා දැක ගන්නවා. සිත කරන විතක්ක විචාර දෙකම එක ක‍්‍රියාවලියට යෙදීමෙන් සිතට වෙන අරමුණු කරා යාමට නොහැක, එයට අවශ්‍ය වනුයේ ඔබේ උත්සාහ යයි. ටික වේලාවක් මෙසේ සිටිමින් ඇතුලට එන හුස්ම ආපසු හැරෙන තැනටම හිතන්න, එලියට යන විදිහ දකින්න. මෙසේ භාවනාවේ යෙදෙමින් සිටින විට සිත පලමු, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානවලට තැන්පත් වෙනවාය. ධ්‍යාන නමින් අදහස් වනුයේ සිත දියුණුවෙමින් පත්වන අවස්ථාවන්ටය. එම අවස්ථාවන් නම් විතක්ක, විචාර, ප‍්‍රිති, සුඛ, ඒකග්ග‍්‍රභාවයි. මේ පිලිබ`දව විස්තර කිරීම ප‍්‍රායෝගිකව, අවස්ථානුකූලව, වගකීමෙන් කලහැක්කේ අඩුම තරමින් සෝවාන් වූ කෙනෙකුට බව මාගේ මතයයි. මා එසේ කෙනෙක් නොවේ යැයි සිතමි. නමුත් මාගේ දැනුමින් විස්තර කරනවානම් පලමු ධ්‍යානයට පත්වීමේදී විතක්ක විචාර ප‍්‍රීති සුඛ ඒකාග්ග‍්‍රතා යන අවස්ථාවන් පහටම සිත පත්වෙනවාය. (මේ ගැන විස්තර කිරීම ලිපියකින් කල නොහැක. භාවනා පිලිබද ඇති නිවැරදි පොත්පත් කියවන්න). මේ අවස්ථාවේදී හුස්ම හදුනා ගනිමින් ඒ ගැනසිතමින් සිතෙහි ප‍්‍රීතිය සහ සතුට සමග තැන්පත් වනවාය. දැන් පලමුධ්‍යානය පලමු ධ්‍යානය කියා සිතන්න. ඉන්පසුව හුස්ම සිතීම දැනීම නැතිව යනවාය. එවිට විතක්ක විචාර සංසිදී සිතෙහි ප‍්‍රීතියත් සතුටත් ඒකාග‍්‍රභාවයෙන් පමණක් හටගන්නවාය. මෙය දෙවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය කියා සිතමින් සිටින්න මෙසේ ටික වේලාවක් සිටින විට හුස්මත් නොදැනී ප‍්‍රීතියත් සංසිදී ශරීරයේ කිසි ක‍්‍රියාවක් නොදැනී යනවාය. දැන් සිත පුළුන් රොදක් වගේ සැහැල්ලූව සතුට සහ ඒකාග‍්‍රතාවය පමණක් දැනේවි. මෙය තුන්වන ධ්‍යානය තුන්වන ධ්‍යානය යැයි සිතන්න. ටික වේලාවක් යන විට ඔබට ඔබව නොතේරී කිසිම අරමුණක් නොමැතිව සිත තැන්පත්වනවාය. බිය නොවන්න මෙය හතරවන ධ්‍යානය හෙවත් සමාධිය වේ. මේ සමාධියේ ටික වේලාවක් සිටින්න, මේ කාලය පැයකට වැඩිකාලයක් විය හැක. බිය නොවී හතරවන ධ්‍යානයේ ටික වේලාවක් සිට සමාධියෙන් මිදෙත්වා කියා සිතා පිලිවෙලට තුන්වන ධ්‍යානයට දෙවෙනි ධ්‍යානයට පලමු ධ්‍යානයට ඒ ධ්‍යාන අවස්ථාවන්හිදී සිත පත්වූ ආකාරය එලෙසෙම මෙනෙහි කරමින් සමාධියෙන් මිදෙන්න. (මේ පිලිබදව නිවැරදිව දන්නා අයෙකුගෙන් උපදෙස් ලබාගෙන කිරීම යහපති) සමාධියෙන් මිදීමත් පියවරෙන් පියවරට ආපස්සට පලමු සමාධියට දක්වා පැමිණ සමාධියෙන් මිදෙත්වා, මිදෙත්වා, මිදෙත්වා යැයි සිතා ටික වේලාවක් සිට දෑස් විවර කරන්න, දෙවියන්ට පිං දෙන්න. භූතයින්ටත් සියළු සත්වයින්ටත් පිංදෙන්න.
එත්තා වචාච අම්මේහි සම්පදං පුංඥ සම්බපදා. සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බසං පත්ති සිද්ධියා, සබ්බේ භූතා, සබ්බේ සත්ථා කියා පිංදෙන්නා. මෙසේ ආනාපානසති භාවනාව වඩන්න. අපමහ බෝසතානෝ අවසානයේදී බුදුවීම දහා වැඩුවේද ආනාපානසතිය බව සිතන්න. ආනාපානසති භාවනාව හිදගෙන වැඩිවේලාවක් වඩන විට ශරීරයට අපහසුවක් දැනුනොත් නැගිටින බව සිහියෙන් සිතා නැගිට සක්මන් භාවනාව ටික වේලාවක් කර නැවත ආනාපානසතිය වඩන්න. සක්මන් භාවනාවද සමථ භාවනාවකි. පියවර සිහියෙන් තබමින් වම දකුණ වශයෙන් සිතමින් සක්මන් කරන්න. ආපසු හැරෙන විටත් නවතින විටත් ඒ ගැන සිතමින් ක‍්‍රියා කරන්න. සමථ භාවනාව පිලිබදවත් එය වඩන ආකාරයත් කෙටියෙන් මාගේ දැනුමේ තරමින් මෙසේය. මේ පිලිබදව විශේෂ දැනුමක් අවශ්‍ය නිසා අමරදාස රත්නපාල මහතා ලියූ අභිධර්මාර්ථ ප‍්‍රදීපිකා දෙවන කාන්ඩත් තවත් භාවනා පිළිබදව නිවැරදිව ලියූ පොත් කියවා දුර්ලභ වටිනා මිනිස් ජීවිතය සාර්ථක කරගෙන බුදු දහම අනුගමනය කරන අප සැවොමගේ ඒකායන පරමාර්ථය වන නිවන අවබෝධ කර ගන්නා ලෙස ශාසන ලැදිව ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි
මෙයට,
සෝමතිලක හෙට්ටිආරච්චි
ධම්ම ගවේෂි පදනම
071 - 2385967
2015. 07. 29

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාවනා කරන්න වෙජිටේරියන් වෙන්න ඕනද? (නදී)
මංජුල, ආනාපාන භාවනාව පිලිබඳ ඔබ දුන් අර්ථකථනය වැනි අර්ථකතනයක් මා මීට පෙර අසා නැත. මා දන්නා තරමින් ආනාපනය සමථ ලෙස යෙදවීම යනු සුළං රැල්ල ඇතුලට ගැනීමත් පිට කිරීමත් දෙස සිත යොමුකොට සිතේ එකඟතාවය හෙවත් සමාධිය වැඩීමයි. එමගින් සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිරී යාම වලකී. ආනපනය විපස්සනා ලෙස යෙදවීම යනු සුළං රැල්ල ස්පර්ශ වීමේදී ලැබෙන අත්දැකීම වෙත සිත යොමුකොට කරන භාවනාවයි. විපස්සනාව දියුණු කිරීමෙන් එම සුළං රැල්ල වැදීමේ අත් දැකීමේ මුල, මැද, අග ආදී කොටස් වෙන වෙනම දැකීමට තරම් ශක්තිය දියුණු කොට ඉන් පසු හුස්ම ගැනීම උදෙසා සිතේ නිරායාසයෙන් ඇතිවන සිතිවිල්ලත් එම සිතිවිල්ල හේතුකොටගෙන අපගේ ශරීරය හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීමත් වෙන්කොට හඳුනා ගැනීමට හැකිවේ. මේ සිතිවිල්ලක් සහ ඊට ප්‍රතික්‍රියාව වෙන්කොට හඳුනා ගැනීමේ අවස්ථාවකි. මෙය බොහෝ සේ ප්‍රගුණ කිරීම තුලින් පුද්ගලයෙකු හට තම සිතට සිතුවිල්ලක් පැමිණි වහාම එය හඳුනාගෙන ඊට චෛතසික හෝ කායික ලෙස ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව ලඟා කරගත හැකි බව මගේ විශ්වාසයයි. එමගින් අප හට කෙලෙස් රැස් කිරීම් අඩුකරගෙන සසර කෙටිකර ගත හැකි යයි සිතමි. මෙය අානාපනය පිලිබඳ මගේ අදහසයි. මා මේ දේ ඉගෙන ගත්තේ ගෞරවනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දේශනා වලට අන්තර්ජාලය හරහා සවන්දීමෙනි. මා යමක් වැරදි ලෙස තේරුම් ගෙන ඇත්නම් මට සමාවන්න. (නදී)
ඉතමත් හරසරව, සරලව ලිය ඇති ලිපියක් නිසා හැමෝටම වටහා ගැනීමට පුළුවන්. කරුණාකර මේ මාතෘකාව යටතේ තවත් ලිපි ලියා ලංකාදීපයේ පලකරන්නේ නම් මැනවි. ලියු ඔබට තෙරුවන් සරණයි (නදී)
මංජුල මහත්මයාණනි, අනා පානා භාවනාව මගින් කෙරෙන්නේ විසරණය වූ සිත පාලනය කර ගැනීමයි. ස්පර්ශය අවම වන පහසු ඉරියව්වකින් හිඳ, හිත මුලික වශයෙන් හුස්ම ඉහලට ඒමත් (ආශ්වාසය), ඉවතට යාමත් (ප්‍රශ්වාසය) වෙත පමණක් යොමු කරනවා. මෙවිට සිතට වෙනත් අරමුණක් පැමිණියහොත් වහාම හුස්ම වෙත සිත යොමු කර එයින් මිදිය යුතුය. මෙය පහසු නොවේ නමුත් නිතර නිතර කිරීමෙන් ප්‍රගුණ කර සිතට ඉන්ද්‍රීය අරමුණු ඒම තාවකාලිකව නතර කල හැක. ඒම අවස්තාව සිත සමාධි ගත වන අවස්ථාවයි. මෙම සමාධියට යාම ප්‍රගුණ කල පසු සිතට එන අරමුණු ධර්මතා අනුව දැකීම විදර්ශනාවයි. එනම් ඉන්ද්‍රියන් නිසා සිතට එන අරමුණු ධර්මතා ලෙස දැක ඒවායේ අනිච්ච, දුක්ඛ, අනාත්ම භාවය අවබෝධ කරගෙන සිතින් බැහැර කිරීමයි. ආනා පානා භාවනාවෙන් සිත සමාධිගත වීමක් මිස ධර්මතා දැකීමක් සිදු නොවේ. ධර්මතා දැකීමට අවශ්‍ය විදර්ශනා භාවනාව වැඩීමට කෙසේ හෝ ආනා පානා භාවනා ප්‍රගුණ කර මුලික වශයෙන් සිත ඒකාග්‍ර කර ගත යුතුය. තෙරුවන් සරණයි! (නදී)
හරවත් ලිපියක් (නදී)
ඔබට බොහොම පින්. (නදී)
භාවනාව යන වචනයේ අර්ථයවත් නොදැන භාවනාව පිළිබද විග්‍රහයන් ඉදිරිපත් කිරීම වැරදියි. භාවනාවෙහි නිර්වචනය මෙසේ දක්වන්න පුලුවන්. භාවෙති කුසල ධම්මෙ ආසෙවතී වඩ්ඩෙති ඒතායති භාවනා. කුසල සිිත නැවත නැවත වැඩීම දියුණු කිරීම භාවනාාවයි. එකේ සිට ගණන් කිරීම යනු ඇත්තටම මුලා බවක්. අනිත් එක තමයි සමථය මුලින් වඩා විදර්ශනය පසුව වැඩිය යුතු බව බෞද්ධ දර්ශනය තුළ විග්‍රහයට ලක් නොවෙි. බුද්ධානුස්සති භාවනාවෙන් ද සිත දියුණු කොට නිවන කරා යා හැකි බව අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයෙහි දැක්වේ. තමන් දන්න සුලු පරාසය තුළ හිදිමින් නොදන්නා මිනිසුන් මුලා කිරීමට අදහස් ප්‍රකාශ කිරීම මා අනුමත කරන්නේ නැත. ඔබට භාවනාව සහ බෞද්ධ දර්ශනයෙහි යථා ස්වභාවය දැන ගැනීමට අවශ්‍ය යැයි සිතේ නම් සහ ඒ පිළිබද උනන්දුවක් දක්වන්නේ නම් මා අමතන්න. භාවනාව පිළිබද ඉතා ගැඹුරු විවරණයන් අඩංගු කොට මා විසින් මානසික සුවතාව පිළිබද ආභිධර්මික විග්‍රහයක් නම් කෘතියක් රචනා කොට තිබේ. 0714755933 (නදී)
හරිම හොඳ ලිපියක් ! (නදී)
හරිම හොඳයි සරලයි (අ)
භාවනාව යනු භාවිතාය සේවිතාය බහුලීකතාය මෙය අවශ්‍යනම් අර්ථ දැන්විය හැකිය. බුදුන් වහන්සේ දේශනා කරන ලද භාවනාවන් වලට වඩා අද අනාර්ය භාවනා භාවිතා කරන බැවින් නිසි ලෙස මෙය පැහැදිලි කර ගැනීමට නොහැකිවී ඇත. 0718584089
වටිනා ලිපියක් .තෙරුවන් සරණයි (නදී)
අපි මහියංගනේ ඉස්කෝලෙකට ආධාර බෙදා දීමක් කරනවා අපිට උදව් කරපු අයට එක දකින්න සලස්වන්න. (නදී)
වැදගත් ලිපියක්. තව දුරටත් ලිපි ලියන්න. ඔබට තෙරුවන් සරණයි. (නදී)
භාවනාව කරන්න කියා දෙන ලිපියක්. ඉරිදා පුවත් පතක ප්‍රසිද්ධ කරන්න. ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි (නදී)
හරිම හොඳ ලිපියක්. මෙය කියවන විටත් භාවනාවක් කරනවා වගෙයි දැනුනේ. තවත් ලිපි පල කරන්න (නදී)
මෙයා මුලාවක්ද ? (නදී)
ඔබ සම්පුර්ණයෙන්ම මුලා වී ඇතිබව වැටහේ. බුද්ධ අනාපාන බාවනාව හුලන් ඇදීම පිටකිරීම නොවේ. . එය සිත පිරිසුදු කරන ධර්මය සිත තුලට ගැනීමත් සිත අපිරිසිදු කරන ධර්ම සිතෙන් බැහැර කිරීමයි. ඔබ බුද්ධ බාෂිතය හරිහැටි අවබෝද කරනොගෙන මිනිසුන් නොමග යවා සතර අපාගත නොවන්න. මෙවැනි අනාර්ය භාවනා බෝසත් තුමාද වසර හයක කාලයක් අනුගමනය කරන ලදී. (නදී)
ජිවිතයට බොහොම අගනා ලිපියක්. ඔබට පින්. (නදී)
ගුණවත් ලිපියක් ලබාදුන් ඔබ සියලු දෙනාට ගොඩක් පින් ලීල් ගුනවර්දන (නදී)