(ගයාන් සූරිය ආරච්චි)

සමාජ මාධ්‍යයේ සංසරණය වන කුලී රථ රියදුරෙකුගේ මුදල් හා දේපල කොල්ලකෑමේ සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ගෝතමී පාර ප්‍රදේශයේ පදිංචි 24 සහ 25 වියේ පසු වන දෙදෙනෙකි.

සැකකරුවන් පුද්ගලයකුගෙන් මුදල් කොල්ලකා පලා යන ආකාරය පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශන වලදී එක් සැකකරුවකු මීට පෙර බොරැල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු බොරැල්ල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික සමරකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බොරැල්ල ගෝතමී පාර ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (31) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබූහ.