
(සුජිත් හේවාජුලිගේ)
පුහුණුවන්නන් රඳවා ගැනීමේ සාර්ථකව උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කර නොතිබීම හේතුවෙන් පේෂකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණුලාභීන් 32ක් ඉවත්ව ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ
අත්යන්ත්‍ර රෙදිපිළි ගම්මාන හතක ක්‍රියාත්මක වූ පුහුණු පාඨමාලා සඳහා පසුගිය වසරේ පුහුණුලාභීන් 84 දෙනෙකු බඳවාගෙන තිබූ නමුත් එම වසරේ දෙසැම්බර් 31 වනවිට එම පුහුණුලාභීන් පනස් දෙක දක්වා අඩුවී තිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම ව්‍යාපෘතිය සඳහා එම දෙපාර්තමේන්තුව 2025 වර්ෂයේදී පුහුණු උපදේශක දීමනා වශයෙන් හය ලක්ෂ පනස් දෙදහසක් හා පාඨමාලාව සඳහා අවශ්‍ය නූල් ආදී ද්‍රව්‍ය සඳහා මුදල් වැය කර තිබූ බව වාර්තාවේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd