(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

නව මිල අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10 කින් වැඩි කිරීමට කටයුතු කරන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය. 

ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් මෙතෙක් අලෙවි කළ රුපියල් 120.00 සංශෝධනය වී රුපියල් 130.00 දක්වා ඉහළ යනු ඇති බව ද අනෙකුත් කෙටි කෑම වල මිළ ගනන් ද , දැනට පවතින මිළට රුපියල් 10.00 එකතු කර අලෙවි කරන බව ද එන්.කේ.ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය .