ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධවලට සම්බන්ධ බවට සැකකරන තරුණයන් දෙදෙනකු ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්වත්ත පොලිසිය කියයි. අංක තහඩු නොමැති යතුරු පැදියකින් යමින් සිටියදි ඔවුන් අත්අඩංගුව ගෙන ඇති අතර කිසියම් අපරාධයක් සඳහා යමින් සිටියේද යන්න ගැන පරීකෂණ පවත්වයි. ඔවුන් ගමන් ගත් යතුරු පැදිය ද සොරකම් කරන ලද එකක් බව අනවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපගේ උත්තමාචාරය (දී)
මෙවැනි අයට ගැලවී යන්න දෙන්න එපා.. මෙවැනි අය සමාජයට පිළිලයක් (ස)
අවධියෙන් සිට අපරාධකරුවන් අල්ලා ගත්තාට අපගේ ප්‍රණාමය (ස)
ඊයේ පෙරේදා පන්නපුවද දන්නේ නෑ (ස)
දේශපාලන ගෝලයෝ දෙන්නෙක් නෙමෙයිනම් ඉතින් දඩුවම් ලැබේවි (ස)
තව සඟවා තිබෙන ආයුධ ඇති ඒවා පෙන්නන්න වහාම ගෙනියන්න .සමහර විට එම අයුධ වලින් ප්‍රතිප්‍රහාර එල්ලකරයි බලාගෙන . (ස)
ටී 56 ගිනිඅවි නිකම් එළවලු පලතුරු වගේ හැමෝටම ගන්න පුළුවන් වගේ. (ස)
කොස්වත්ත පොලීසියට ස්තූතියි (ස)
බඩුත් එක්ක අහුවුණාම කොහොමද සැක පිට වෙන්නේ ? (ස)
ජීවිතයක් බේරාගත්තා හා සමානයි.. මේ වගේ දක්ෂ පොලිස් නිලධාරීන්ට දිරි ගැන්වීමක් කල යුතුයි (ස)
දැන් මේ දෙන්නව නිදහස් කරගන්න කී දෙනෙක් ඉදිරිපත් වේවිද දන්නෙ නැහැ? (නි)
අනවසර ආයුධ අතේ තියාගෙන හොරකම් කරපු බයිසිකලේක යද්දී ඇල්ලුවා නම් හොඳ දඬුවමක් දෙන්න .... කාට හරි වැඩක් දෙන්න නේ හැදුවේ ... නැතුව ආදරේට ආයුධ අරන් හොර බයිසිකලේක යනවා ද ???(ස)