සපත්තුවේ පත්තෑයකු සිටිනු දුටු ඉංජිනේරුවකුගේ කැබ්රිය පානදුර කුරුස හන්දියේදී ත‍්‍රීරෝද රියක, වෑන් රියක, මෝටර් සයිකලයකද හැපී තාප්පයක හැපුණු බව පානදුර පොලිසිය කියයි. ත‍්‍රීරෝද රියේ සිටි කුඩා දරුවකු ඇතුළු සිවුදෙනෙක්ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පත්තෑයකුට බව වෙලා මෙහෙම අනතුරක් කරගත්තානම්.. වෙන සර්පයෙක් එහෙම දැක්කනම් කන්න ඉස්සරවෙලා බයට මැරිලා වැටෙයිනේ...!!(නු)
කලකට ඉහත මම මගේ පරණ කාර් එක පදවාගෙන කෝට්ටේ පාරේ යන වෙලාවක ඉස්සරහ වීදුරුව ළඟ ඉඳලා මීයෙක් මගේ උරහිසට පැනලා පසු පස ආසනයට පැන්නා. මම අනතුරක් නොවී බේරුණේ යාන්තමින්. ඕනෑම කෙනෙක් බය වෙනවා. මේ සිදුවීම ගැන කණගාටු වෙනවා. (නි)
දැන් කට්ටිය අදහස් දායි වීරයන් වගේ, "ආපෝ පත්තෑයටත් බයයිද" කියලා. ඒත් සිද්ධියට මුහුණ දුන්නු කෙනයි දන්නේ ඒකේ හැටි. (නි)
මෙතන වෙන මොකක් හරි වෙලා තියෙනවා.. වාහන එලවනගමන් කොහොමද සපත්තුවෙ ඉන්න පත්තෑයො දකින්නෙ..?(නු)
ඉගෙනගෙන තිබුණට වැඩක් නැහැ.. සපත්තුවක් දාන්න ඉගෙනගෙන නැහැ.. සපත්තු දාන්න කලින් පොඩ්ඩක් ගසලා කරලා දාන්න ඕනෑනෙ.. ?(නු)
කොහොම ද අධිවේගී මාර්ගයේ යනකොට ඔහොම උනා නම් ?(නු)
බොහෝ විට මේ විදුලි ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඇති.. එයාලට මේ දවස්වල මේ වගේ දේවල් වෙනවා....!!(නු)
ගණන් හදන්න මොළය තිබුණට සාමාන්‍ය දැනීම නම් බිංදුවයි වගේ. (නි)
වහාම පත්තෑයට මරණදඩුවම ලබා දෙනු.. මහත්තයා නිදහස්..!!(නු)
සපත්තුව පැළඳ ගනිත්දීවත් නොදුටු පත්තෑයා රිය පදවද්දී ඇස ගැසීම තමා පුදුම. (නි)
පත්තෑයා වැරදිලා ඒක අස්සට ගියාම ඒකෙ ගඳට සිහිනැති වෙලා සිහිය ආපු ගමන් එළියට එන්න ඇති. (නි)
දැන් මෙතන ප්‍රතිචාර දාන මේ පණ්ඩිතයන් දැන් කියන්නේ මේ සිදුවීමත් බොරුවක් කියලද? (නි)
මේක නීතියෙන් බේරෙන්න ගොතපු බොරු කතාවක්ද කොහේද? (නි)
රිය පැදවීමේදී ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව අනිවාර්යයෙන් තිබිය යුතුයි. (නි)
මෙය ගණිත මොළයෙන් නිර්මාණය කරපු විෂිශ්ට තාර්කික බොරුවක්වත්ද? (නි)
පත්තෑයෙකුට බය වෙන්න තරමට ලංකාවේ කොල්ලන් බයගුල්ලන් වෙලාද ? (නි)