(අංජුල මහික වීරරත්න)
කොහෙවත් යන පක්ෂ ලේකම් කෙනෙක් ඡන්ද පවත්වන දින කියන්නේ කොහොමදැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මැතිවරණ පිළිබඳ තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමසාරිස්වරයා බවද නාමල් රාජපක්ෂ මහතා කීය."මම දැක්කා පහුගිය දිනක මේ ආණ්ඩුවේ පක්ෂෙක මහලේකම්වරයා යාපනයේ ගිහින් කියනවා මැතිවරණය තියන්නේ නෑලු.
මැතිවරණයක් තියන්න ඕනද නැද්ද කියල කියලා කියන්න ඕනේ පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි.මේ කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන දවස.පක්ෂෙක ලේකම් කෙනෙක්ට එහෙම කියන්න බෑ ඡන්දෙ තියන්නේ අහවල් දවසේ කියලා.
යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
ෙනාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ පානදුරයේ පැවති ජන රැළියකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින්?
පිං ජනා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරුවට පස්සේ, මැතිවරණයක් ඇත්තෙන් නෑ, තියන්න සල්ලිත් නෑ..කියලා කියනකොට මෙයා හිටියේ දෙල්කඳ පොළේද?
ඒ තමයි එම පක්ෂයෙ විනය , පක්ෂයේ තීරන දැනුම් දෙන්නෙ එහි ලේඛම් , තමුන්ට එය නොවැටහීම ගැන පුදුම විය යුතු නැ
කතාව ඇත්ත. මමත් දැක්කා. දිනපු පක්ෂය වෙන්න ඇති. පක්ෂයේ ප්‍රධාන තනතුරක් ඇති. හැබැවි ඉතින් ඡන්දයෙන් තේරි පත්වුන අය කරන වැඩ කරන්න එි තීරණ ගන්න කොහෙවත් ඉන්න එක්කෙනෙක්ට තියන අයිතිය මොකද්ද? තිරයෙන් පිටුපස මොනවා වුනත් ඒක එළියට දාන එක හරිද මහ ජනතාව මොඩයෝ කියලා හිතාගෙන?
මූට සිංහලවත් හරියට තේරුම් ගන්න බැහැ වගේ.