(තිලකරත්න  දිසානායක)

තිහාරිය , වාරණ ප්‍රදේශයේ  පිහිටි ස්ථානයක් පරික්ෂාවට ලක් කිරීමේදි එහි ගබඩා කර තිබු තීරු බදු රහිතව මෙරටට අනයනය කරන ලද නීතිවිරෝධී විදේශීය නිෂ්පාදිත සිගරට් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව යක්කල පොලීසිය සදහන් කරයි. 

වයස අවුරුදු 60 ක පුද්ගලයෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔහු සන්තකයෙහි තිබී  විවිධ වර්ගවලට අයත්  සිගරට් 1,26,000 ක් අත් අඩංගුවට ගනු ලැබූ බව  බව පොලීසිය පවසයි. 

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.එච්.එම්.එන්.ජයපත්ම මහතාගේ උපදෙස් පරිදි යක්කල වැඩ බලන  පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාමේන්ද්‍ර ලක්ෂ්මන් මහතාගේ මෙහෙයවීම හා අධීක්‍ෂණය යටතේ පොලිස් සැරයන් විමලරත්න (12853), කාන්තා පොලිස් කොස්තාපල් සෙව්වන්දි  (12151) සහ කොස්තාපල් ලක්මාල්  (76123) යන නිලධාරීන් කටයුතු කොට ඇත.