
(සුජිත් හේවාජුලිගේ)
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආහාර අංශය හැර අනෙකුත් සියලුම අංශයන්හි විමර්ශන නොකෙරුණු නඩු භාණ්ඩ 43656ක් ගොඩ ගැසී තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මත්ද්‍රව්‍ය මනෝ වර්තක අංශයෙහි පරික්ෂා කිරීම සඳහා යොමු කෙරැණු නඩු භාණ්ඩ 29286ක්ද මෙලෙස ගොඩ ගැසී තිබුණු බව පවසන විගණන වාර්තාව එම ප්‍රමාණය සියයට 67 ක පමණ කැපී පෙනෙන ඉහළ අගයක් බවද පෙන්වා දෙයි.
රස පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් ප්‍රමාණය අසීමිත ලෙස වැඩිවීමෙන් බන්ධනාගාරවල තදබදය බෙහෙවින් ඉහළ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම එක් රිමාන්ඩ් සැකකරුවකු නඩත්තු කිරීමට දිනකට රුපියල් 1411ක් වැයවන බවත් එම මුදල රජයට අමතර වැය බරක් බවත් විගණන වාර්තාව පවසයි.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගිය වසරේදී ලැබී තිබූ නඩු භාණ්ඩ සංඛ්‍යාව 70846කි. එම නඩු භාණ්ඩ ප්‍රමාණයෙන් වාර්තා ලබාදී තිබුණේ නඩු භාණ්ඩ 32769කට පමණක් බව විගණන නිලධාරීහු පවසති.
මේ අනුව වාර්තාදී තිබූ ප්‍රතිශතය සියයට හතළිස් හයකි.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යම් නිලධාරීන් පිරිසක් බඳවාගෙන ඇතත් එහි කටයුතු කරගෙන යෑමට එය ප්‍රමාණවත් නොවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම සිදු කිරීමට උපකාරී වන තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් හතළිහක සහ තෘතීක මට්ටමේ නිලධාරින් නව දෙනකුගේ තනතුරු පුරප්පාඩු වී තිබීම හේතුවෙන් නඩු භාණ්ඩ විශ්ලේෂණයෙන් අනතුරුව නිකුත් කරන විද්‍යාත්මක වාර්තා මාස තුනක කාලයක් ඇතුළත ලබාදීමට බාධාවක් වී තිබූ බව කියන එම වාර්තාව මෙම කටයුතු පොලිසිය හා බන්ධනාගාරයේ කටයුතු වලට මෙන්ම ආයතනයේ කාර්යක්ෂමතාවයටද බාධාවක්ව තිබූ බව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී එහි නිලධාරියකු පැවැසුවේ දැන් එම තදබදය යම් මට්ටමකට අඩුවී අැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩ්ඩන්ව තාවකාලික පදනම යටතේ රසම රස දෙපාර්තමේන්තුවට බඳවාගන්න. සතියෙන් ඔය රිපෝට් ටික දෙයි.