(අංජුල මහික වීරරත්න)

ලැබූ නිදහස පරිපූර්ණ කර ගැනීම සඳහා දැන් අරගලයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 78 වන නිදහස් දින සමරු උළෙල අමතමින් පැවසීය.

නිදහස පරිපූර්ණ වන්නේ ආර්ථික වශයෙන් නිදහස අත්පත් කර ගත හැකිද යන සාධකය මත බව කී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ස්වාධීනත්ව චින්තනය මත ගොඩනැගිය යුතු බව සඳහන් කළේය.

කොළඹ නිදහස් චතුරස්‍රයේදී 78 වන නිදහස් උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

" කොල්ලකාරී යටත් විජිත පාලනයෙන් අප 1948 දී මිදුනා .සියවස් ගණනක් පුරා යටත් විජිත වාදයට එරෙහිව අපගේ මුතුන් මිත්තන් ලේ කඳුළු දහදිය හෙළුවා.ඒ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස අප නිදහස ලබා ගත්තා.

සමහරුන් තමන් වෙනුවෙන් සටන් කරනවා.එය දුලබ දෙයක් නොවේ.නමුත් රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් යමෙක් සටන් කරනවා නම් ඔවුන් සැබෑ විරුවන් බව කිව යුතුයි.

අප දෙපය තබා සිටින මව්බිම මුතුන් මිත්තන්ගේ ලේ කඳුළු දහඩියෙන් තෙත් වී තිබෙනවා.මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු ඒ විරුවන්ට මෙහිදී උත්තමාචාරය පුද කරනවා.යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.