68 වැනි ග්‍රැමී සම්මාන උළෙලේදී ටිබෙට් ආගමික නායක දලයි ලාමා තුමන්ට ද සම්මානයක් හිමිවිය. ග්‍රැමී සම්මාන උළෙල යනු ලෝක සංගීත ක්ෂේත්‍රයේ ඉහළම ගෞරව සම්මාන ප්‍රදානෝත්සවයයි.

90 හැවිරිදි දලයි ලාමා තුමාට මෙම සම්මානය හිමිවූයේ එතුමන්ගේ ‘මඩිටේෂන්ස්: රිෆ්ලෙක්ෂන්ස් ඔෆ් හිස් හෝලිනස් ද දලයි ලාමා’ යනුවෙන් නම් කළ දේශනා වෙනුවෙනි.

ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෙටාන්ජි බ්‍රවුන් ජැක්සන් සහ සුප්‍රකට වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස සැලකෙන ට්‍රැවර් නෝවා වැන්නන් අභිබවා දලයි ලාමාට මෙම සම්මානය හිමිවීම සුවිශේෂී යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.