
(අංජුල මහික වීරරත්න)
ආබාධ සහිත හෝ වෙනත් විශේෂ අවශ්‍යතා තිබීම දරුවෙකුගේ ඉදිරි ගමනට බාධාවක් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. දරුවන්ගේ සැබෑ කුසලතා වලට මුල්තැන දෙමින් බාධා වලින් තොර සැමට සම අවස්ථා ඇති සමාජයක් ගොඩනැගීමට රජය පූර්ණ ලෙස කැපවී සිටින බව ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ විවිධ දක්ෂතා සහිත බාලදක්ෂිකා අංශයේ’ (Differently Abled Branch) ඉහළම සම්මානය වන "Blue All Round Cord" සම්මානයෙන් පිදුම් ලැබූ බාලදක්ෂිකාවන් ඇගයීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
" ආබාධ සහිත හෝ වෙනත් විශේෂ අවශ්‍යතා තිබීම කිසිසේත්ම දරුවෙකුගේ ඉදිරි ගමනට බාධාවක් වෙන්න දෙන්න බැහැ. දරුවන්ගේ සැබෑ කුසලතාවලට මුල්තැන දෙමින්, බාධාවලින් තොරව සැමට සම අවස්ථා හිමිවන සමාජයක් ගොඩනැගීමට අපගේ රජය පූර්ණ වශයෙන් කැපවී සිටිනවා.
ආබාධ සහිත ප්‍රජාව සබලගැන්වීම වෙනුවෙන් අප දැනටමත් වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. උසස් අධ්‍යාපනයේ නිරත වන විශේෂ අවශ්‍යතා සහිත විශ්වවිද්‍යාල සිසුන් සඳහා පළමු අදියර යටතේ රුපියල් 100,000 බැගින් වූ විශේෂ දීමනාවක් ජනාධිපති අරමුදල මගින් පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම, ආබාධ සහිත හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ පවුල් වෙනුවෙන් රුපියල් බිලියන 37.4 කට අධික මුදලක් වෙන්කර තිබෙනවා. ආබාධිත තැනැත්තන් සබලගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට සහ ප්‍රජා මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළ අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන ලබා දී තිබෙනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd